LastPass භාවිතා කරන්නන්ගේ Password Leak වී ඇති බවට නැගෙන ‌‌චෝදනා එම සමාගම ප්‍රතික්ෂේප කරයි. නමුත් Password අනාරක්ෂිත වී ඇත

News Jan 3, 2022

LastPass යනු වැඩිම පිරිසක් භාවිතා කරන Password Manager වලින් එකක් වන අතර පරිශීලකයන්ට මුරපද ( Password) ආරක්ෂිතව පවත්වාගෙන යාම සදහා මෙම යෙදුම Free හා Paid ලෙස ලබාගත හැකිය. කෙසේ වෙතත් මේ දිනවල මුරපද කාන්දු වීමක් ගැන ඔවුන්‌ට දිගින් දිගටම ‌‌‌‌චෝදනා එල්ල වෙමින් පවතිනවා.

මෑතක සිට ලොව පුරා විවිධ ස්ථානවලින් තම ගිණුම් වලට ලොග්වීමට උත්සහ කරන බවට විවිධ LastPass පරිශීලකයින්ට ඊමේල් අනතුරු ඇඟවීම් ලැබී ඇති බව වාර්තා වේ. එමෙන්ම තවත් පරිශීලකයින්‌ට Lastpass ගිණුම් මකා දැමීම‌‌ට නොහැකි බව පරිශීලකයින් කිහිපදෙනෙකුම වාර්ථා කරයි.

Lastpass

ඔවුන්ගෙන් කිහිපදෙනෙකුම Twitter හා Reddit වැනි සමාජ මාධ්‍ය තුල මෙම ගැටලුව වාර්ථාකර තිබුණ අතර සෙසු LastPass පරිශීලකයින්ට ඔවුන්ගේ ප්‍රධාන මුරපදය වෙනස් කරන ලෙස පවසා තිබුනි. එහෙත් ප්‍රධාන මුරපදය වෙනස් කිරීමෙන් පසුවත් ඇතැම් පරිශීලකයින්ගේ ගිණුම් වලට Unfamiliar Login Alerts ලැබුණු බවට වාර්ථා වේ.

Lastpass මේ චෝදනා ප්‍රතික්ෂේප කරන අතර login alerts පැමිණීම සමාන්‍ය Bot ක්‍රියාකාරකමක් බවට ඔවුන් Thevage වෙත ප්‍රකාශයක් කරමින් පවසා ඇත. මෙම මෙම ඊමේල් එවූයේ කුමන පාර්ශවයකින්ද යන්න සමාගම දිගින් දිගටම සොයා බලයි.

මෙහි සත්‍යතාවය කුමක් උවත්, ආරක්ෂිතව සිටීමට 2 factor authentication භාවිතා කිරීමට අමතක කරන්න එපා. ඒවගේම Lastpass වෙනුවට Microsoft Password Manager අපි ඔබට නිර්දේශ කරනවා.

Cover Image : zdnet

Tags

Madusanka

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.