LG Electronic සමාගමේ තවත් අරමුණක් වෙනුවෙන් එක්සත් ජනපද Chip නිශ්පාදකයෙක් වන Qualcomm සමග සහයෝගයෙන් කටයුතු කරන බව LG හි විධායක නිලධාරියෙකු නිවේදනය කලා.මෙය ලෝකයේ මෝටර් රථ තාක්ෂණයේ ඉදිරි වසර කිහිපය තුල වර්ධනය වන automotive තාක්ෂණයේ වෙළදපොළ ව්‍යාප්තියට LG සමාගාම් උපාය මාර්ගික පියවරකි.
Qualcomm යනු telematics and wireless car තාක්ෂණයේ දැවැන්තයෙක් මෙන්ම අර්ධ සන්නායක නිශ්පාදකයෙකි. කෘතිම බුද්ධිය මත පදනම් වන තාක්ෂණය තම හවුල්කාර සමාගම් සමග යෙදවීමට ඔවුන් බලාපොරොත්තු වේ. LG මෙන්ම Continental AG, ZTE සමාගම්ද ඔවුන්ගේ හවුල්කාරීත්ව වැඩසටහන් එකතුවේ සිටියි.

LG Electronic සමාගමේ උපසභාපති Park Jong-sun මාධ්‍යට පවසා ඇත්තේ LQ සහ Qualcomm ජංගම නවෝත්පාදන නායකයින් වන අතර සමාගම් දෙකම 5G Automotive වේදිකා පිළිබදව දශක ගණනාවක් සිදුකල පර්යේෂණ හා අත්දැකීම් මෝටර් රථ කර්මාන්තයට ගෙන එන බවයි. LG සහ Qualcomm හවුල්කාරීත්වයට දීර්ඝ ඉතිහාසයක් ඇති බව ඔහු අවධානය කරන අතර 5G තාක්ෂණය මෙවන් තාක්ෂණයන් භාවිතා කිරීමේදී අත්‍යාවශ්‍ය අංගයක් බව ඔවුන්ගේ මතයයි.

2027 දී අලෙවි වන සියලුම වාහාන වලින් 75% පමණ cellular connectivity තාක්ෂණය අන්තර්ගත වනු ඇති බව ඔවුන් පුරෝකථනය කර ඇත. 5G යනු ඉදිරියේදී රථවාහාන සදහා ඉහල යන අවශ්‍යතාවක් වනු ඇති බව ඔවුන් පවසනවා.
LG සහ Qualcomm 2004 දී telematics තාක්ෂණය වැඩි දියුණු කිරීම සදහා සහයෝගයෙන් කටයුතු කරන ලදී. පසුව 2017 දී සමාගම් දෙක connected car solutions සදහා ගිවිසුම් ගතවිය.පසුව 2019 දී Qualcomm සහ LG හි webOS Auto පද්දතිය ශක්තිමත් කිරීමට එකග විය.මෑත කාලයේදී මෝටර් රථ automotive solutions අංශයේ ශක්තිමත් පැවැත්මක් පවත්වාගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි. විද්‍යුත් මෝටර් රථ අමතර කොටස් නිපදවීමටද Magna International Inc සමග LG ගිවිසුම්ගත විය.
Via - Gizmochina

