ඔබ දැනටමත් දන්නවා අගහරුමත පර්ස‌ෙවරනස් රෝවරය ගොඩබැස්සා .  මේ ව්‍යාපෘතිය වගේම පෙර ව්‍යාපෘති නිසා නුදුරේදීම මිනිස් වර්ගයාට අගහරුමතට ගොඩබැසීමට අවස්ථාව ලැබෙනු ඇත.

Image : nasa , JPL

‌කෙසේ වෙතත් මෙම මෙහෙයුම මගින්  පෘතුවියෙන් පිටත වෙනත්‌ ‌ ලෝකයක සිදුකරන පළමු ගුවන් ගමන සිදුවනවා. ඒ Ingenuity යානය මගින් 1.8 kg බරකින් යුතු මෙම යානය 300 m ඉහලට අගහරුමත පියාසර කිරීමට හැකියාව තිබෙනවා. මෙය පූර්ණ ස්වයංක්‍රීය යානයක්.මෙය Linux පාදක කරගත් පරිපථයක්. මෙය කාබන්-ෆයිබර් තල හතරකින් සමන්විත වන අතර එය භ්‍රමක දෙකකට සකසා ඇති අතර එය ප්‍රතිවිරුද්ධ දිශාවලට 2,400 rpm පමණ වේගයෙන් භ්‍රමණය වේ . එය පෘථිවියේ මගී හෙලිකොප්ටරයකට වඩා බොහෝ ගුණයකින් වේගවත් වේ. සූර්ය කෝෂ, බැටරි සහ වෙනත් සංරචක ද එහි ඇත.

Image : nasa , JPL

අගහරු මත Linux භාවිතාකරන පළමු අවස්ථාව මෙම අවස්ථාව බව නාසා Jet Propulsion Laboratory හි විදුලි ඉංජිනේරු Tim Canham මාධ්‍යට පවසා තිබෙනවා. ඔහුු වැඩිදුරටත් සදහන් කරන්නේ මෙම මෘදුකාංග framework නිර්මාණය කර ඇත්තේ cubesats උපාංග සදහා බවත්   මෙම විවෘත මූලාශ මෘදුකාංග ලබාගත් විශාල ජයග්‍රහනයක් බව ඔහු සදහන් කරනවා.

Image : nasa 

මෙම පද්දතිය පියාසර කිරීම මගින් ඉදිරියේදී අගහරු ගවේශණයට අවශ්‍ය යානා නිපදවීම සදහා අව‌බෝදයක් ලබාදීම , රෝවරයට ලගාවිය නොහැකි ස්ථාන ගවේශණය , ඉහළ සිට භූමිය ගවේශණය කිරීම වැනිදේ සිදුකිරීමේ හැකියාව ලැබෙනු ඇත. සැබවින්ම Ingenuity ගුවන් යානා තාක්ෂණයේ , රෝබෝ තාක්ෂණයේ , අගහරු ගවේශණයේ මෙන්ම විවෘත මූලාශවල විශාල හැරවුම් ලක්ෂයක් වී ඇත.