මේවන විට youtube වෙබ් අඩවිය යම්කිසි දෝශයකට මුහුණදී ඇති බවක් දක්නට ලැබේ.වෙබ් අඩවිය ඉතාමත් හොදින් ක්රියාත්මක උවත් වීඩියෝ Play වීමේදී දෝශසහගත තත්වයක් දක්නට ඇති අතර එය YouTube TV ඇතුලුව නොමිලේ youtube පරිශීලකයින් ,මුදල්ගෙවා Youtube භාවිතාකරන්නන් ඇතුලු සියලුම Youtube යටිතල පහසුකම් භාවිතාකරන වෙබ් අඩවි පරිශීලකයින් හට මෙම තත්වය බලපා ඇත.

මේවන විට සෑම වීඩියෝවක්ම නැරබීමට උත්සහ කිරීමේදී දෝශ පණිවිඩයක් දිස්වන අතර ඇතැම් රට වලට අඛන්ඩව loading wheel අයිකනය පමණක් දක්නට ලැබේ.DownDetector වෙබ් අඩවිය හරහා පරිශීලකයින් විශාල පිරිසක් මේගැන පැමිණිලි කරමින් පවතින අතර පැයක් තුල පරිශීලක වාර්ථාවන් 278,000 අධික ප්රමාණයක් පැමිණෙමින් පවතී.එමෙන්ම twitter ඔස්සේද මේ පිළිබදව පරිශීලක පැමිණිලි විශාල ප්රමාණයක් ලැබෙමින් පවතී.

මේ වන විට youtube විසින් විශේෂ twitter පණිවිඩයක් නිකුත් කර තිබෙන අතර. එම දෝශය ඉක්මනින් නිරාකරණය කිරීම සිදු කරන බවද සමාගම නිවේදනය කර ඇත.කෙසේවෙතත් මේ වසර තුල ගූගල් සේවාවන් බිද වැටුනු පලමු අවස්ථාව මෙය නොවේ.
If you’re having trouble watching videos on YouTube right now, you’re not alone – our team is aware of the issue and working on a fix. We’ll follow up here with any updates.
— TeamYouTube (@TeamYouTube) November 12, 2020
Update : 7.54 AM - 11/12/2020
මේවන විට youtube වෙබ් අඩවිය තුල සියලුම සේවාවන් යථාතත්වයට පත්වී ඇති අතර සියල්ල හොදින් ක්රියාත්මක වේ.