Whatsapp යනු ලොව වැඩිම පිරිසක් භාවිතාකරන messaging සේවාවකි.නමුත් හදුන්වාදී දශකයකට අධික කාලයක් ගතවුවත් තවමත් ඔවුන් බහු උපාංග සදහා සහය නොදක්වයි.(multi-device login) නමුත් පරිගණක වලින් එය භාවිතා කිරීම සදහා WhatsApp Web මගින් පහසුකම් සලසයි.නමුත් මෙම අංගය දැන් Microsoft Edge Legacy සදහා සහය දැක්වීම නවතා දමා ඇත.මෘදුකාංග දැවැන්තයෙකු වන Microsoft විසින් 2015 දී මෙම edge ව්‍යාපෘතිය දියත් කරන ලදි.

පසුව,Chromium පදනම් කරගත් නව edge මෘදුකාංගයක් 2020 ජනවාරි මසදී හදුන්වා දුන් අතර එතැන් සිට ඔවුන්ගේ 2015 අනුවාදය Edge Legacy ලෙස හදුන්වනු ලබයි. Microsoft විසින් එහි මුල් පිටපත සංවර්ධනය අත්හැරීමත් සමග බොහෝ සමාගම්ද ඒ සදහා ඇති සහයෝගය අත්හැර දමනු ලැබීය.

Image : geeknetic.es

ඒ අනුව දැන් whatsapp web පරිශීලකයන්ට Microsoft Edge Legacy භාවිතා කිරීමට නොහැකි වන අතර ඒ සදහා වෙනත් බ්‍රවුසරයක් හෝ edge නව අනුවාදය භාවිතා කිරීමට සිදුවනු ඇත.එමෙන්ම පරිශීලකයන්ට whatsapp නිළ වෙබ් අඩවිය මගින් whatsapp web මෘදුකාංගය ලබාගත හැකි අතර එය නුදුරේදීම බහු උපාංග සදහා සහය දැක්වූ විට එය වෙබ් යෙදුමක් බවට පත්වනු ඇත කෙසේ වෙතත් ඒ ගැන facebook සමාගම තවමත් කිසිදු නිවේදනයක් ලබා දී නොමැත.

Via- gizmochina