මීට වසර කිහිපයකට පෙර Microsoft විසින් Windows 10 Mobile වෙළදපොලට හදුන්වාදීමට උත්සහ කලද එම නිශ්පාදන විශාල අසාර්ථකත්වයකට පත්විය.අවසානයේදී සමාගම සිය අවධානය Android වෙතට හරවා දුරතකතනය පරිගණකය සමග සම්බන්ද කිරීමට හැකිවන ලෙස මෙහෙයුම් පද්දතිය වැඩිදියුණු කර ඇත.

එලෙස 2021 දී ඔවුන් තවත් පියවරක් ඉදිරියට තබන බවට වාර්ථාවේ.“Link to Windows” සමග පරිගණකවල Android යෙදුම් ධාවනය කිරීම දැනටමත් තෝරාගත් samsung දුරකතනවල සිදුකල හැකිය.Windows Central හි Zac Bowden පවසන්නේ ඉදීරියේදී Microsoft Store තුලින් android යෙදුම් ලබාදීමට කටයුතු කරන බවයි.කෙසේවෙතත් සමාගම එය සිදුකරන්නේ කෙසේදැයි ඔහු තවමත් නොදනී.ARM emulation මෙයට විසදුම වියහැකි බව ඔවුන්ගේ අදහසයි.

image : beebom.com

මෙලෙස Windows තුල Android යෙදුම් භාවිතාකිරීමේ හැකියාව මෙහෙයුම් පද්දති දෙකටම විශාල ශක්තියක්වනු ඇත , විශේෂයෙන් නව ඇපල් එම් 1 මැක්බුක් වලට දැන් iOS හෝ අයිපෑඩ් යෙදුම් පහසුවෙන් ධාවනය කළ හැකිය. පෙර සදහන්කල පරිදි දැන්,සමාගම Samsung පරිශීලකයින්ට Windows තුල දුරකතන තිරය පිළිබිබු කිරීමට හා යෙදුම්භ භාවිත කිරීමට ඉඩලබාදේ.කෙසේ උවත් එම පහසුකම තොරාගත් උපාංග තුල පමණක් ක්‍රියාත්මක වේ.මේ සදහා මෑතකදී යාවත්කාලීන කිහිපයක්ද ලැබිණි.

Windows උපාංගයක Android apps ධාවනය කිරීමේ හැකියාව පරිගණකයේ නව හැරවුම් ලක්ෂයක් වනු ඇත.එමෙන්ම එය Apple වෙත සිදුකරන විශාල අභියෝගයකි.

Via- beebom , Mashable , Androidauthority