Microsoft සමාගමෙහි Xbox FPS Boost විශේෂාංගය Xbox Cloud Gaming Titles 33 මත පැමිණෙන බව වාර්තා වෙයි.

Gaming Nov 17, 2021

Microsoft සමාගම සිය Xbox FPS Boost මාදිලිය cloud එකට ගෙන එයි. Xbox නිෂ්පාදකයා, නවීන Xbox consoles සඳහා නව game 76ක එකතු කිරීම box backward compatibility එක සඳහා විශාල තල්ලුවක කොටසක් ලෙස දකින බව පැවසා ඇත. ඊයේ Xbox Cloud Gaming (xCloud) හි games 33ක් දක්වා FPS Boost එකක් නිකුත් කර ඇත. එය FPS Boost Fallout 4, Fallout 76, සහ The Evil Within 2 වැනි Xbox Cloud Gaming titles මත enable කරන බව වාර්තා වෙයි.

ඊයේ දක්වා, පවතින games වඩාත් හොඳින් ක්‍රියාත්මක කරන Xbox FPS Boost විශේෂාංගය Xbox Series X සහ Series S consoles සඳහා පමණක් සීමා වූ බව වාර්තා වෙයි. සේවාව දැන් custom Xbox Series X hardware මගින් සම්පුර්ණයෙන්ම බලගන්වා ඇති නිසා එය Xbox Cloud Gaming දක්වා දීර්ඝ කෙරූ බවටද වාර්තා වෙයි.

Microsoft සමාගම සමහර backward-compatible games සමඟ frame rates වැඩිදියුණු කර ඇති අතර, FPS Boost විශේෂාංගය developersලා වෙනස්කම් සිදු නොකර පැරණි games වැඩි දියුණු කරයි. ඊයේ එක් කරන ලද games 33 මීට පෙර Xbox Series X / S consoles සඳහා වැඩි දියුණු කරූ බව වාර්තා වෙයි.

Microsoft සමාගම විසින් ඊයේ Xbox backward compatibility library එකට නව Xbox ක්‍රීඩා 76ක් එක් කෙරූ අතර Xbox Series X / S consoles වල නව games 37ක් මත FPS Boost enable කරන බව වාර්තා වෙයි.

ඊයේ FPS Boost මාදිලිය ලබාදුන් Xbox Cloud Gaming titles වල සම්පූර්ණ ලැයිස්තුව මෙන්න:

  • Battlefield 4
  • Beholder Complete Edition
  • Dishonored Definitive Edition
  • Dishonored: Death of the Outsider
  • Dragon Age: Inquisition
  • Dragon Age: Origins
  • The Elder Scrolls IV: Oblivion
  • The Evil Within 2
  • Fable Anniversary
  • Fable III
  • Fallout 3
  • Fallout 4
  • Fallout 76
  • Fallout: New Vegas
  • The Gardens Between
  • Gears of War 2
  • Gears of War 3
  • Gears of War 4
  • Gears of War: Judgment
  • Gears of War: Ultimate Edition
  • Halo Wars 2
  • Kameo: Elements of Power
  • MotoGP 20
  • My Friend Pedro
  • My Time at Portia
  • Prey
  • ReCore
  • Shadow Warrior 2
  • Steep
  • Titanfall 2
  • Two Point Hospital
  • Wasteland 3
  • Yakuza 6: The Song of Life

Via : The Verge, Cover Image: filmem

Tags

Movindu Bandara

Proud To Be An Anandian ❤

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.