ශ්‍රී ලංකාවේ සමාජයේ මුල් බැසගත් තාක්ෂණය පිළිබදව ඇති වැරදි මතවාද

Articles Aug 22, 2021

වැරදි දේවල් සමාජගත කරලා වින්දනයක් ලබන පුද්ගලයින් හැම ජනසමාජයකම ඉන්නවා ඒ වගේම සාක්ෂරතාවය අඩුවීම වගේ දේවල් නිසාත් නැතිනම් මූල්‍යමය වාසි නිසාත් වැරදි මතවාදයන් සමාජගත වීම සිදුවෙන්න පුලුවන්. මෙම ලිපිය මෑතකාලීනව ලංකාවේ ජනතාව අතර සංසරණය වුණ වැරදි මතවාදයන් කිහිපයක් ගැන.

1.COVID-19 එන්නත් වල නැනෝ චිප් එකක් තියෙනවද?

නැහැ. ඇත්තටම කිව්වොත් එක්සත් ජනපදයේ විතරක් එන්නත ගබඩා කරල තියෙන ආවරණවල Barcode එකක් එක්ක චිප් එකක් තියෙනවා කියලා රොයිටර් පුවත්සේවය වාර්ථාකරණවා. එන්නත් සංඛ්‍යාව ගණනය කරගන්න එන්නත්කරණ වැඩපිළිවෙල කාර්යක්ෂම කරගන්න තමා මේක යොදාගන්නේ. කොහොම උනත් ශරීරයට මේක ඇතුල් කරන්නේ නැහැ. ‌ලංකාවට ගේන එන්නත් වලනම් ආවරණයේ වත් චිප් එකක් නැහැ.

2.අන්තර්ජාලය එන්නේ සැටලයිට් වලින්ද?

ලෝකයේ අන්තර්ජාල අවශ්‍යතාවයෙන් 97% විතර සපයන්නේ මුහුද හරහා එලපු Fibre කේබල් 300 විතර මේවා ජාලයක් විදිහට මුහුද යට තියෙනවා. කොහොම වුනත් කේබල් අදින්න අපහසු තැන්වලට සැටලයිට් ඇන්ටනා වලින් අන්තර්ජාලය ගන්නවා. කොහොම උනත් දැනට ලංකාව නම් 100% අන්තර්ජාල අවශ්‍යතාව සම්පූර්ණ කරගන්නේ ‌සබ්මැරීන් කේබල් වලින්. ඉදිරියේදී නම් Starlink ව්‍යාපෘතියත් එක්ක ලෝකෙටම සැටලයිට් වලින් අන්තර්ජාලය ගන්න පුලුවන් ඒත් දැනටනම් බැහැ.

ශ්‍රී ලංකාවට අන්තර්ජාලය අරන් එන Submarine Cables
සාගරය හරහා අන්තර්ජාලය‍ ලංකාවට සම්බන්ද කරන සබ්මැරීන් කේබල් ගැන ඔබ ‍නොදන්න තොරතුරු කිහිපයක් ගැන තමා අද අපි කතා කරන්නේ. මේ වසර අවසන් වන විට ලංකාවට අන්

3.සිග්නල් ටවර් පරිසරයට වගේම මිනිස්සුන්ටත් හොදනෑද?

නියමිත ප්‍රමිතියකට ඉදිරිකරපු දුරකතන කුලුණකින් පරිසරට හෝ මිනිස්සුන්ට හානියක් වෙන්නේ නැහැ . දුරකතන කුලුණු අකුණු විසිකරනවා කියන්නෙත් බොරු කතාවක්. අකුණු විසිකරන දුරකතන කුලුණු ලංකාවෙ කොහෙවත් නැහැ.

4.5G එපාද?

බොහෝ පුද්ගලයින් 5G විකිරණ මානව ශරීරයට හොදනැහැ කියල මීට වසර කිහිපයකට කලින් ලොව පුරාම දැඩි මතයක් තිබුනා.ඒත් අවසානයේ බොහෝ පර්යේෂණ වලින් ඔප්පු උනා 5G හා මානව ශරීරය අතර කිසිදු සම්බන්දයක් නැති බව.

5G ආගමනය සහ දුරකථන සන්නිවේදන තාක්ෂණයේ විකාශය
මානව ඉතිහාසය අධ්‍යනය කිරිමේදී සන්නිවේදනයට හිමිවන්නේ ඉතාමත් වැදගත් ස්ථානයක්. විවිධ සන්නිවේදන ක්‍රම පිළිබඳව අපට සාක්ෂි හමුවන්නේ ක්‍රි.පූ 206 වැ

5.රජයට Whatsapp මැසේජ් හොරෙන් කියවන්න පුලුවන්ද?

බැහැ, පුද්ගලයින් දෙදෙනෙකු අතර වෙන සංවාදයක් හැම වේලාවෙම ‌යෙදුම ඇතුලෙන් ගුප්තකේතනය වෙනවා. මේ නිසා Chat එකේ දෙපැත්තේ ඉන්න දෙදෙනාට විතරයි සංවාදයන් බලන්න පුලුවන්. Whatsapp, Telegram, Signal ඔය හැම යෙදුමක්ම ගුප්තකේතනය වෙනවා. නමුත් Whatsapp , Messenger, Viber යෙදුම් වලනම් ඇල්ගොරිතම් එකක් තියෙනවා අපේ Chat එකේ ස්වභාවය හදුනාගන්න. වෙළද දැන්වීම් වගේ දේවල් ප්‍රතිපත්ති කඩකරණවද කියල බලන්න තමා එහෙම කරන්නේ. ඒත් අපේ Chat කියවන්න ඒ අයට බැහැ. Telegram, Signal වගේ යෙදුම් නම් 100% ආරක්ෂිතයි. කොහොම උනත් පෙගසස් වගේ වෛරස් එකක් දුරකතනයට ඇතුල් කරල රජයට ඔත්තු බලන්න පුලුවන්. ඒත් ලංකාව වගේ රටවල් වල එහෙම එකක් හදනවා කියන්නේ ‌හීනයක් විතරයි.
කොහොම උනත් වැරදි වැඩ නොකර අපි තාක්ෂණය භාවිතා කරන්න ඔනෑ. අවසාන පිළිතුර තමා. අනවසරයෙන් අපේ චැට් කියවන්න රජයට බැහැ.

6.cryptocurrency කියන්නේ කලු සල්ලිද?

නැහැ Bitcoin වගේම අනෙත් ක්‍රිප්ටෝ වර්ගත් අන්තර්ජාලයේ භාවිතාවෙන මුදල් ඒකකය. මේවා අතත්‍යයි වගේම 100% නිර්ණාමිකව භාවිතා කරන්න පුලුවන් ඒ නිසා ඇතැම් විට නීතිවිරෝධී වැඩ වලටත් යොදාගන්නවා.( රුපියල් උනත් නීතිවිරෝදී වැඩවලට ගන්නවනේ) කොහොම උනත් මේවා කලු සල්ලි නෙවෙයි. ඒ වගේම මේව දැන් ගොඩක් ආයතනවලට ගෙවීම් විදිහට ගන්නවා. Porkbun, Namesilo, Tesla, Redmi වගේ ආයනවලටත් Bitcoin වලින් ගෙවිම් කරන්න පුලුවන්. ඒ නිසා BTC වගේම අනෙත් අතත්‍ය මුදලුත් කලු සල්ලි නෙවෙයි.  මේ රටේ ගොඩක් අයට Bitcoin වගේ මුදල් ඒකක හසුරවන්න පුලුවන් නම් ‌මේ රට ‌ඉක්මනට ලෝකේ දියුණුම රටක් වෙයි.

6.vpn එකක් දාගත්තම අපි 100% ආරක්ෂිතද?

කොහොත්ම නෑ. ගොඩදෙනෙක් හිතන් හිටියට VPN එකක් දාපුවම අපි 100 නිර්ණාමිකයි කියල ඇත්තටම එහෙම නෑ. උපාංගයේ MAC ලිපින ඒ වගේම Proxy වගේ තව දේවල් ගොඩක් අන්තර්ජාලයේ නිර්ණාමික වෙන්න ඔනෑ.

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.