Mozilla , ඇන්ඩ්‍රොයිඩ් සඳහා නව ෆයර්ෆොක්ස් සංස්කරණයක් ලබා දීමට කටයුතු කරමින් සිටින අතර එය වැඩකිරීමට පහසු වේගවත් හා නඩත්තු කිරීමට පහසුවන පරිදි නිර්මාණය කර ඇත. පසුගිය සතියේ සිට එය සමහර උපාංග වල යාවත්කාලීන වීමට පටන්ගත් අතර එය පැරණි සංස්කරණ වලට හාත්පසින්ම වෙනස් මුහුණුවරක් ගෙන ඇත.
FireFox Daylight යන නමින් හදුන්වන නව සංස්කරණය.GeckoView එන්ජිම භාවිතා කරමින් නිර්මාණය කර ඇත.තවද built-in tracking protection මගින් ආරක්ශාව සපයනු ලබයි . කෙසේ වෙතත් සෑම පරිශීලකයෙක්ම මෙම සංස්කරණයට අනුවර්තනය වීමට අකමැත්තක් දක්වන අතර මෙහි වඩාත්ම ගැටලු සහගත කරුණ වී ඇත්තේ extensions සදහා සහය නොදැක්වීමයි . Mozilla විසින් Addon කිහිපයක් පමණක් ලබාදී ඇති අතර ඒ සදහා Addons එකතු කිරීමට හෝ යාවත්කාලීන කිරීමට පහසුකමක් සලසා නොමැත.

Mozilla නියෝජිතයෙකු මාධ්‍යට පවසා ඇත්තේ ප්‍රධාන Firefox addons එකතුව තුලට නව බ්‍රවුසරය එකතු කරන බවස් නමුත් එය මේ අවස්ථාවේ සිදු නොකරන බවත්ය.සමාජ මාධ්‍ය ඔස්සේ Mozilla වෙත නොසතුට පලකරන පරිශීලකයින් රැසක් දක්නට ලැබුනු අතර ඔවුන් ඒ ඔස්සේ ගැටලු රැසක් පෙන්වා දී ඇත.
Really feeling some user pain from not having my most common websites available + interesting Pocket articles when I go to open a new tab. The UI changes and lack of extensions on this are a real miss for me too.
— Adam Beame (@AdamBeame) August 28, 2020
I'm a Firefox fan, but I strongly dislike this new version on my phone. I find the pop-up to change tabs extremely annoying. In the light version I can barely make out my "back," home" buttons (white on white!). Better visible in dark version, but I don't really care for it.
— exNY (@NYexpatness) August 27, 2020
FireFox Daylight නව අනුවාදය නව්‍යකරණය වූ වෙබ් බ්‍රවුසරයක අදහස් රැසක් හා වැඩි ආරක්ශාවක් පිළිබදව සැලකිල්ලක් ගෙන ඇති අතර වසරක් පමණ කාලයක් තුල ඔවුන් මෙම නව ආකෘතිය සම්පූර්ණයෙන් යාවත්කාලීන කර පැරණි ආකෘතියට සමුදෙනු ඇත. කෙටි කලක් පරිශීලකයන්ට ගැටලු වලට මුහූණදීමට සිදුවනු ඇති අතර ඉන්පසු තත්වය සුභවාදී වනු ඇති බව අපගේ මතයයි.