Network එක මාරු උනත් ජීවිතකාලෙටම එක දුරකතන අංකයක්. Number Portability ගැන දැනගමු

Local Oct 14, 2021

නුදුරේදීම ශ්‍රී ලංකාවේ දී ක්‍රියාත්මක කිරිමට යන Number Portability පිළිබඳව අප මෙයින් හැඳින්වීමක් කිරිමට බලාපොරොත්තු වෙමු.

Number Portability යනු තමන්ගේ ජංගම දුරකථන අංකය වෙනස් නොකර තමා භාවිතා කරන ජාලය වෙනස් කිරීමය. එය ⁣මේ උදාහරණයෙන් තේ⁣රුම් ගැනීමට හැකිවේයැයි අප සිතමු.

ඔබ වෙළඳසැලකින් 0712755777 යන SLTMobitel network එකට අයත්, connection එකක් මිළ දී ගෙන භාවිතා කරනව යැයි සිතන්න. ඔබට පසු කාලයකදී SLTMobitel services ගැන සැහීමකට පත් නො⁣වන නිසා ඔබට වෙනත් network එකකට යාමට ඔබ තීරණය කළත් phone number මාරු කිරිමේ දී වන අපහසුතා නිසා ඔබ අකමැත්තෙන් වූවත් එහි රැඳි සිටිය. නමුත් මෙහෙදි ඔබගේ SLTMobitel network එකට අයත් 0712755777 යන number එක වෙනස් නොකර Hutch network එක වෙත යෑමට හැකිය. එවිට ඔබට ඇත්තේ Hutch network එකට අයත් connection එකකි.

මෙය නුදුරේදීම ඇරඹෙනු ඇත. දැනට ලෝකයේ බොහෝ රටවල මෙය සාර්ථකව සිදුවෙමින් පවති. මෙහිදි පාරිභෝගිකයන්ට ඉතා වාසිදායක වනු ඇත. ජාල අතර තරඟකාරීබව වැඩිවීම තුළින් පාරිභෝගික ජනතාවට ඉතා අඩු මුදලකට සේවා ලැබෙනු ඇත.

අවාසිදායක කරුණු ලෙස ජංගම දුරකථන අංක වල සීමාව තවත් අඩුවීමය. ජංගම දුරකථන අංක සීමාවද රටක් සතු සීමිත සම්පතකි. දැනට ලංකාවේ අංක 7කින් දුරකථන අංක ලබා දෙන නිසා මේ සීමාව ඉතාම ඉක්මනින් අවසන් වීම වැනි ගැටළු මේ number portability නිසා සිදුවිය හැකිය.

මෙය අප විදේශයන් හී ක්‍රියාත්මක වන number portability service පිළිබඳව අධ්‍යයන කර ලියන ලද article එකක් බැවින් ඇතැම් කරුණු ලංකාවේදී ක්‍රියාත්මක වීමේදී යම් යම් වෙනස්කම් සිදුවනු ඇත.

Images: gms-worldwide.com

Tags

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.