චීනය පාදක කරගත් ස්මාර්ට් දුරකතන නිශ්පාදකයෙකු වන oppo සමාගම සිය නිශ්පාදන විවිධාංගීකරණය කිරීම අරඹා ඇත.විශාල ආකර්ෂණයක් වෙළදපොල තුල ලබාගත් ඔවුන් දැන් ටැබ්ලට් හා නෝට්බුක් පරිගණක නිශ්පාදනය කිරීම ආරම්භ කිරීමට තීරණයකර ඇත.

නවතම වාර්ථාකිරීම් වලට අනුව ඔවුන් ටැබ්ලට් පරිගණක සහ ලැප්ටොප් පරිගණක නිශ්පාදන දෙකක් එලිදැක්වීමට සූදානම් වේ.මෙම උපකරණ ඉදිරි වසරතුල එලිදැක්වීමට අපේක්ෂා කරන නමුත් ඒ සදහා තවමත් නිශ්චිත දිනයක් සදහන් කර නොමැත.

ටැබ්ලට් පරිගණක නිශ්පාදනය කරන සමාගම් අතලොස්සක් පමණක් වෙළදපොල තුල ඇති අතර oppo සමාගම ඔවුන් අතරට පිවිසීම වඩා සිත්ගන්නා සුලු කාරණයකි.මීට පෙර ඔවුන්ගේ සහෝදර සමාගම Xiaomi විසින් ටැබ්ලට් නිශ්පාදනය කිරීම ආරම්භ කලද ඒවායේ කිසිදු වර්ධනයක් දකින්නට නොමැත. මේ වන විට ටැබ්ලට් නිශ්පාදනය අතින් ඇපල් ඉදිරියෙන්ම සිටින අතර ඔවුන් සමග තරග කිරීමට oppo සතු ශක්තීන් කුමක්ද යන්න ලෝකයේ අවදානය යොමුවී ඇත.

Xiaomi MI Pad 

laptop නිශ්පාදනය සලකා බැලුවහොත් මේවන විටත් huawei , xiaomi,samsung ජංගම දුරකතනයේ සිට ලැප්ටොප් දක්වා වෙළදපොල දැවැන්තවී ඇත.ඉදිරියේදී oppo සමාගමද මේ අතරට එක්වනු ඇත.කෙසේවෙතත්  සමාගම නිශ්පාදන පිළිබද තොරතුරු කිසිවක් මාධ්‍යට නිකුත් කර නොමැත.

Via - Gzmochaina