පෞද්ගලික Credit Card මගින් ව්‍යාපාර කල නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

News Aug 19, 2021

ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකු විසින් පරිශීලකයන්ට ලබාදෙන පෞද්ගලික Credit Card මගින් ව්‍යාපාර ගනුදෙනු කිරීම සිදුකල නොහැකි බව මහබැංකුව අද දෙරණ වෙත නිවේදනය කර ඇත. මෙහිදි එහි නියෝජිතයා වැඩිදුරටත් පවසා ඇත්තේ Credit Card සදහා මහබැංකුව කිසිදු නියාමනයක් පනවා නොමැති අතර Credit Card හරහා ගෙවීම් නතර කරන ලෙස පාරිභෝගිකයින්ගෙන් කිසිදු ඉල්ලීමක් කර නොමැති බවත්ය. ඔවුන් පවසන්නේ තමාගේ සියලුම පෞද්ගලික මිලදී ගැනීම් හා අධ්‍යාපනික ගෙවීම් වැනිදේ සදහා ගෙවීම් සිදුකල හැකි බවයි.

මෙම සීමාවන් පිළිබදව මහබැංකුවේ අධිපති පවසා ඇත්තේ, ඔබේ කාඩ් පතෙන් පුද්ගලික භාවිතය සඳහා ලැප්ටොප් පරිගණකයක් මිලදී ගත හැකිය. නමුත් ඔබ ලැප්ටොප් 10-15ක් වාණිජමය අරමුණක් සඳහා මිලදී ගන්නේ නම් එය සිදුකල නොහැකි බවයි.

කෙසේ වෙතත් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ව්‍යාපාර විශාල සංඛ්‍යාවක් මේ වන විට රටතුල ඇති අතර ඔවුන් සදහා කිසිදු විකල්පයක් මහබැංකුව ඉදිරිපත් කර නොමැත. මහ බැංකුව පෞද්ගලික අවශ්‍යතා සදහා පුද්ගලින් භාවිතාකරණ Adobe, spotify වැනි යෙදුම්වලට ගෙවන ලද CreditCard පවා කිසිදු දැනුම් දීමකින් තොරව අවහිර කර ඇති බවට බොහෝ පුද්ගලයින් සමාජ ජාල හරහා චෝදනා කරමින් සිටින අතර  සමාජය තුල මේ පිළිබදව දැඩි විරෝධතාවයක් ඇති වෙමින් පවතී. බොහෝ පුද්ගලයින් පවසන්නේ ආර්ථිකය ස්ථාවර කිරීමට මහ බැංකුව තුල ඇති අසමත්භාවය ඔවුන් අන්තර්ජාල ව්‍යවසායකයන් හා විදෙස් සේවා ලබාගන්නා පරිශීලකයින් පිට පටවා ඇති බවයි.

මෙම තත්වය තුල බොහෝ අන්තර්ජාල ව්‍යවසායකයින් තමන්ගේ මුදල් වෙනත් රටවල Wallet තුල රදවා තබාගනිමින් එදිනෙදා ගනුදෙනු සිදුකරමින් සිටින අතර මහබැංකුවේ ‌මෙම තීරණ නිසා රට තුලට ගලාඒමට තිබූ ‌බොහෝ විදෙස් මුදල් රටට අහිමිව යමින් ඇත.

Via: NewsWire, Adaderana

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.