මේවන විට Qualcomm සමාගමට huawei වෙතට 4G chips සැපයීම සදහා අවසර එක්සත් ජනපද රජය විසින් ලබාදී ඇති බව රොයිටර් පුවත් සේවය පවසනවා. 4G චිප්ස් වලට අමතරව තවත් නිශ්පාදන කිහිපයක්ම විකිණීමට අවසර ලැබී ඇති බව සදහන් කර ඇතත් ඒ මොනවාද යන්න නිශ්චිතව සදහන් කර නොමැත.කෙසේ වෙතත් රොයිටර් පුවත් සේවය පවසන්නේ ඒවා ජංගම උපාංග සම්බන්ද දේවල් බවයි.
2019 දී ධවල මන්දිරය විසින් ජාතික ආරක්ෂක හේතූන් නිසා එක්සත් ජනපද සමාගම් හුවාවේ වැනි චීන සමාගම් සමග ගනුදෙනු කිරීම අත්හිටුවන ලදී. මේ වසරේ මැයි මාසයේදී විදේශ අර්ධ සන්නායක නිශ්පාදන සමාගම් ඇමරිකාවට අයත් නිශ්පාදන විකිණීමේ ප්රතිපත්ති දැඩි කිරීම නිසා හුවාවේ දැඩි අර්බුදකාරී තත්වයකට නතුවිය.

එක්සත් ජනපද සම්බාදක නිසා අගෝස්තු මාසයේදී එක්සත් ජනපද නිශ්පාදන වලින් ඉවත්වන බව හුවාවේ සමාගම නිවේදනය කරනු ලැබීය.Huawei ආයතනයේ විධායක නිලධාරියෙකු පැවසුවේ ''මේ සමාගම ඉහල මට්ටමේ චිප් භාවිතා කරන අවසාන කාලය වනු ඇති බවයි''එක්සත් ජනපද සම්බාදක නොතකා ජූලි මාසයේදී huawei ලොව විශාලතම ස්මාර්ට් ෆෝන් නිශ්පාදන සමාගම බවට පත්විය.නමුත් චිප් අර්බුදය නිසා හුවාවේ සමාගම පසුගිය මාසයේ සිට විශාල මට්ටමෙන් ශේණිගත කිරීම් වලින් පහත වැටුන අතර සමාගමේ කොටසක් විකිණීමේ තත්වයට පත්විය.

Qualcomm හට හුවාවේ සමාගමට විකිණීමට අවසර හිමිව ඇත්තේ 4G චිප්ස් පමණක් වන අතර එම අවසරය 5G චිප්ස් සදහා හිමිවේද යන්න පැහැදිලි නැත.
Via - Thevarge