Quora භාවිතයෙන් මුදල් ඉපයීම

Articles Jul 28, 2020

Quora යනු ලොව වේගයෙන් ජනප්‍රිය වන තවත් වෙබ් අඩවියක්. ඔබ අන්තර්ජාලය පරිශීලනය කරන විට අහම්බෙන් හරි මේ වෙබ් අඩවියට පිවිසිලා ඇති. මේ වෙබ් අඩවියේ අරමුණ තමයි ප්‍රශ්ණ හා ඒවාට පිළිතුරු සැපයීම. මේ සියල්ලක්ම සිදුකරන්නේ පරිශීලකයන්. ලෝකයේ තිබෙන හොදම ask questions platform එක. ඔබට තිබෙන සියලුම ගැටලු වලට පීළිතුරු මේ වෙබ්අඩවියේ තිබෙනවා. 2009 වසරේ facebook අ‍ායතනයේ සේවය කරපු සේවකයෝ දෙදෙනෙක් තමා මේ වෙබ් අඩවිය ආරම්භ කරල තියෙන්නේ.

වසරකට පරිශීලකයින් මිලියන 200 මේ වෙබ් අඩවිය භාවිතා කරනවා. මේක අලෙවිකරණ කෝණයකින් බැලුව‍ොත් ඒ අයට ඉතාමත්ම හොද වේදිකාවක්.ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔබේ පාරි‍භෝගිකයන්ගේ අවශ්‍යතා ගැටලු හදුනාගන්න හොදම ස්ථානයක් තමා Quora කියන්නේ.Quora ව්‍යාපාරික ගිණුමක් ඔබගේ ආයතනයටත් තිබේනම් ඒමගින් පරිශීලකයන් පිරිසට වඩා ඉක්මනින් සමීපවිය හැකියි. ඒ වගේම ඔබගේ ව්‍යාපාරයේදි මතුවන ගැටලුවලටද ඉක්මන් පිළිතුරු ලබාගත හැකියි.

home

මුදල් ඉපයීමට Quora භාවිතා කරන්නේ කෙසේද ?

සෑම දිනකම ප්‍රශ්න 5000 පමණ Quora වෙත ලැබෙන අතර මේවාට පිළීතුරු අවශ්‍ය වේ.ඔබට යම් විශය පථයක් ගැන දැනුමක්/අත්දැකීම් තිබේනම් ඔබට අදාල ගැටලුවලට පිළිතුරු ලබාදිය හැක. දිගුකලක් මෙලෙස පිලිතුරු ලබාදී ඔබ‍ට ඔබගේ ජනප්‍රියත්වය වර්ධනය කරගත හැක. ඉන්පසුව Quora Partner Program ආරම්භකර හැකිය.ඔබ දිනපතාම ගැටලු සදහා පිළිතුරු සපයන්නේ නම් ඔබට ඉක්මනින්ම වැඩි දියුණුවක් ලගාකර ගත හැකිය.

Quora Partner Program

මෙහිදී ඔබ ලබාදෙන සෑම පිළිතුරක් සදහාම වටිනාකමක් ලැබේ. Quora වෙළද දැන්වීම් වලින් ලැබන ලාභයෙන් කො‍ටසක් මෙලෙස ඔබටත් ලබාගත හැකිය. ඒ සදහා හොදම උදාහරණයක් ලෙස Youtube පෙන්වාදිය හැක.

ව්‍යාපාර පැතිකඩක් සාදන්න

ඔබට ව්‍යාපාරයක් තිබේනම් ඒ සදහා ව්‍යාපාර ගිණුමක් සාදාගන්න. පාරිහෝගිකයන්ට පැණනගින ගැටලු සියල්ලම මෙහි ඇත. ඔබට ඒසදහා පිළිතුරු ලබාදීම මගින් ඉක්මනින්ම ඔබට ඔබගේ වෙළදනාමය ගැන ජනත‍ා විස්වාසයක් ලබාගත හැකිය. මෙමගින් ඔබගේ ව්‍යාපාරය නොමිලේම ප්‍රවර්ධනය කිරීම සිදුකර හැක. ‍නමුත් කිසිදු අවස්තාවක වෙබ් අඩවියේ කොන්දේසි වලට පිටින් යන්න එපා.

Dropshipping

ඔබ ඩ්‍රොප් ෂිපර් කෙනෙක් නම්, ඔබ විකුණන නිශ්පාදන ගැන පරිශීලකයා‍ට පැන නගින ගැ‍ටලු සදහා පිළිතුරු මේ හරහා ඉදිරිපත් කිරීම සිදුකල හැකිය.එමෙන්ම පිළිතුරක් ලබාදී එය‍ට අදාල භාණ්ඩ හෝ සේවාවන්ද ඔබට ලබාදිය හැක. මෙවැනි කාර්යයන් වලදී වෙබ් අඩවියේ කොන්දේසි වලට පිටින් යන්‍න එපා. මේ දේවල් ගැන Quora මගින්ම වැඩිදුරටත් අධ්‍යනය කර හැකියි.

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.