Realme ශ්‍රී ලාංකීය වෙළදපොලට හදුන්වාදීමට සූදානම් වෙයි

News Nov 11, 2020

ලොව වේගවත්ම අලෙවියක් තිබෙන ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන realme,මේවන විට මිලියන 50 ක නිශ්පාදන අලෙවියක් සිදුකර ඇති වෙළදනාමයක්.පසුගියදා ඔවුන් ශ්‍රී ලාංකීය වෙළදපොලට පිවිසෙන බව නිළ වශයෙන් නිවේදනය කලා. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ස්මාර්ට් දුරකතන නාමයන් වන oppo , vivo ,Oneplus දුරකතන සමාගම් හිමි BBK සමූහය සතු තවත් ස්මාර්ට්‌ දුරකතන සමාගමක් වන realme හදුන්වාදී  වසර දෙකක් තුල ලොව හොදම ස්මාර්ට් දුරකථන සන්නාම 5 අතරට එකතු උනා.

Are you ready to welcome the New C series 1st time in Sri Lanka? #staytuned #daretoleap #realme

Posted by realme on Tuesday, November 10, 2020

Hello Everyone,We are excited and proud to announce that we are coming soon to Sri Lanka 🇱🇰🇱🇰

Posted by realme on Monday, November 9, 2020

මේවන විට ලොවපුරා වෙළදපොලවල් 61 අධික ප්‍රමාණයක් නතුකරගත් realme වෙළදපොල ,ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන වෙළදනාමයක් බවට පත්වී ඇති අතර.ඉන්දියාව,ඉන්දුනීසියාව,බංගලාදේශය වැනි රටවල හා අග්නිදිග ආසියාතික රටවල realme ප්‍රධානම වෙළදනාම 5 අතරට ඔවුන් එක්වී ඇතැයි පර්යේෂණ විශ්ලේශක අභිලාශ් කුමාර් මහතා සදහන්කර ඇත.

ශ්‍රී ලංකාවට පිවිසීමට හැකිවීම ගැන එහි ප්‍රකාශකවරයා මාධ්‍ය ඉදිරියේ සතුට පලකර ඇති අතර.''අනාගත නායකයින් අභියෝගයන්ට මුහුණදී නිර්මාණශීලිත්වය මුල්තැන දෙන බැවින් ඔවුන් සමග කටයුතු කිරීමට ලැබීම ගැන සතුටුයි. ශ්‍රී ලාංකීය තරුණ පරපුර ලෝක සිතියම තුල තම සලකුණ තැබීමට ඉතාම උනන්දුවන අතර ඔවුන්ට realme මගින් හොදම විශේෂාංග හා තාක්ෂණය සැපයීමට අපි උනන්දුවෙන් සිටිනවා'' යැයි එම ප්‍රකාශකයා මාධ්‍යට සදහන්කර ඇත.

via - Daily News , Msn

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.