ශ්‍රී ලංකා රජය සබ්මැරීන් කේබල් වල ආරක්ෂාව හා ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරයි.

Local Jul 19, 2021

ශ්‍රී ලංකාව විසින් සබ්මැරීන් කේබල් ආරක්ෂණ හා ඔරොත්තු දීමේ රාමුවක් ස්ථාපිත කර ඇති බව විදේශ අමාත්‍යාංශය පවසයි.

ආසියාව තුල මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කරන ලද පළමු රට බවට ශී ලංකාව පත්ව ඇති බව විදේශ අමාත්‍යාංශය පවසයි.  විදේශ අමාත්‍යංශය පවසන්නේ Lockdown කිරීම් හා දුරස්ථ වැඩ කිරීම් නිසා ගෝලීය ඩිජිටල් සන්නිවේදනයන් විශාල ලෙස ඉහල ගොස් ඇති අතර  අන්තර්ජාතික කේබල් ආරක්ෂණ කමිටුව ඇස්තමේන්තු ගත කර ඇත්තේ 2020 මුල් මාස වලදී අන්තර් ජාල භාවිතය 25% සිට 50% දක්වා ඉහල ගොස් ඇති බවයි. 2021 ජූලි 31 දිනෙන් අවසන් වන කාර්තුව සදහා වීඩියෝ සන්නිවේදන ආදායම පෙර වසරට සාපේක්ෂව 355% ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

ලෝකයේ අන්තර්ජාල සන්නිවේදනයෙන් 99% ක්ම සාගරය පුරා විහිදී ඇති 400 අධික
කේබල් වලින් සිදුකරන අතර එය සාගරය තුල කිලෝමීටර් මිලියන 1.8 ක දුරක් පැතිරී ඇත. ගෝලිය දත්ත සන්නිවේදනයේදී ශ්‍රී ලංකාවටද හිමිවන්නේ වැදගත් ස්ථානයකි.

මෙම ගෝලීය ජාලය මත අප විශ්වාසය තබා ඇති හෙයින් එය හැකි තරම් ඔරොත්තු දීමේ හැකියාව ඉතා වැදගත්” යැයි විදේශ අමාත්‍යාංශය පැවසීය.

මෙම වැඩපිළිවෙල සදහා විදේශ කටයුතු අමාත්‍යංශය, TRCSL , එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය, ජපාන රජය, ගෝලීය සමුද්‍ර අපරාධ වැඩසටහන,ජාත්‍යන්තර කේබල් ආරක්ෂණ කමිටුව යන පාර්ශවයන්ගේ දායකත්වය ලැබී ඇත.

ශ්‍රී ලංකාවට අන්තර්ජාලය අරන් එන Submarine Cables
සාගරය හරහා අන්තර්ජාලය‍ ලංකාවට සම්බන්ද කරන සබ්මැරීන් කේබල් ගැන ඔබ ‍නොදන්න තොරතුරු කිහිපයක් ගැන තමා අද අපි කතා කරන්නේ. මේ වසර අවසන් වන විට ලංකාවට අන්

Via : colombogazette , NewsWire / Images : submarinecablemap , spri

Tags

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.