Spotify ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 85 සදහා දියත් කරයි.

News Feb 24, 2021

Spotify මේ වන විට ලොවපුරා රටවල් රැසකට නිළ වශයෙන් පිවිසී ඇත. නව භාෂා 36 සදහා සහය දක්වන Spotify රටවල් 85ක් සදහා නිළ වශයෙන් සේවා දියත් කිරීමට සූදානම්ය.මේ හරහා බිලියනයකට වැඩි නව පරිශීලකයින් මෙම වේදිකාව සමග එක්වනු ඇතිබවට සමාගම අනුමාන කරගෙන සිටියි

Spotify හි ෆ්‍රීමියම් ව්‍යාපාර නිලධාරි Alex Nörstrom පවසන පරිදි සමාගම ආසියාව, අප්‍රිකාව, කැරිබියන්, යුරෝපය යන රටවල වෙළඳපලවල් දක්වා ව්‍යාප්ත වනු ඇති අතර බංග්ලාදේශය, පාකිස්තානය සහ නයිජීරියාව යන රටවල වේගයෙන් වර්ධනය වන අන්තර්ජාල ජනගහනයක් ඇති බැවින් ඒ සදහාද සේවා ව්‍යාප්ත කලයුතු බව ඔහුගේ අදහසයි.

මේ අනුව පහත දක්වා ඇති රටවල් සදහා Free සහ Premium යන ආකාර වලට එම සේවාවන් අත්විදීමේ හැකියාව ලබාදී ඇත. Premium සේවාව,

Individual‌‌
Family‌‌
Duo‌‌
Student‌

යන අකාරවලින් මිලගණන් යටතේ මිලදී ගැනීමට පාරි‌භෝගිකයින්ට අවස්ථාව හිමිවේ. ශ්‍රී ලංකාවේ මෙම සේවාවන් ලබාදීම ප්‍රධාන පෙළ දුරකතන සමාගමක් හරහා සිදුකිරීම නියමිතයි.

නව වෙළඳපලවල සම්පූර්ණ ලැයිස්තුවට,Angola, Antigua and Barbuda, Armenia, Azerbaijan, Bahamas, Bangladesh, Barbados, Belize, Benin, Bhutan, Botswana, Brunei Darussalam, Burkina Faso, Burundi, Cabo Verde, Cambodia, Cameroon, Chad, Comoros, Côte d’Ivoire, Curaçao, Djibouti, Dominica, Equatorial Guinea, Eswatini, Fiji, Gabon, Gambia, Georgia, Ghana, Grenada, Guinea, Guinea-Bissau, Guyana, Haiti, Jamaica, Kenya, Kiribati, Kyrgyzstan, Lao People’s Democratic Republic, Lesotho, Liberia, Macau, Madagascar, Malawi, Maldives, Mali, Marshall Islands, Mauritania, Mauritius, Micronesia, Mongolia, Mozambique, Namibia, Nauru, Nepal, Niger, Nigeria, Pakistan, Palau, Papua New Guinea, Rwanda, Samoa, San Marino, Sao Tome and Principe, Senegal, Seychelles, Sierra Leone, Solomon Islands, Sri Lanka, St. Kitts and Nevis, St. Lucia, St. Vincent and the Grenadines, Suriname, Tanzania, Timor-Leste, Togo, Tonga, Trinidad and Tobago, Tuvalu, Uganda, Uzbekistan, Vanuatu, Zambia, Zimbabwe. යන රටවල් ඇතුලත්ය.

Via: spotifynewsroom , engadget , elchapuzasinformatico

‌                                   ‌

‌                                   ‌

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.