COVID-19 මර්ධනයට සියලුම පුරවැසියන්ට Stay Safe නමින් නව ඩිජිටල් ව්‍යාපෘතියක් ICTA දියත් කරයි

News Nov 9, 2020

කොරෝනා මර්ධනයට ලොව වෙනත් රටවල මෙන්ම දැන් ශ්‍රී ලංකාවේත් ඩිජිටල් තාක්ශණය භාවිතා කිරීම මේවන විට ආරම්භ වී ති‌බෙනවා. ඒ මෙරට සමස්ථ පුරවැසියන්ටම Contact tracing යෙදුමක් මගින් ආරක්ශිතව එදිනෙදා කටයුතු පහසු කරගැනීමේ අවස්ථාව සලසමින්.ශ්‍රී ලංකා රජය සහ තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය සමග එකතුව මෙම Stay Safe සේවාව මහජනතාවට හදුන්වාදී ති‌බෙනවා.

මෙම ව්‍යාපෘතියේ අරමුණ වී ඇත්තේ කොවිඩ් ව්‍යාපෘතියෙන් ප්‍රජාව ආරක්ෂිත කර කොවිඩ් ව්‍යාප්තිය පහසුවෙන් හදුනා ගැනීම හා පොකුරු ඉක්මනින්ම හදුනා ගැනීමයි.ම‌ෙම යෙදුම මගින් ඔබ කොවිඩ් ආසාදිතයින්ට නිරාවරණය වී ඇති බව හදුනාගන එය ඉක්මනින් දැනුම් දීම , ඔබ යම්කිසි ස්ථානයකට ඇතුල් වෙනවානම් එම ස්ථානය ඔබට ආරක්ෂිතද නැතිද යන බව ක්ෂණිකව දැනුම් දීම වගේම යම් කිසි ස්ථානයකට ඇතුල් වන විට ලිඛිතව තොරතුරු ලබා දීම වෙනුවට qr කෝඩ් එකක් හරහා එම තොරතුරු ලබාදීම සිදුකල හැකියි.

මෙම සේවාව ස්මාර්ට් ජංගම දුරකතන වලින් මෙන්ම සාමාන්‍ය ජංගම දුරතකනයකින්ද sms මගින් භාවිතා කල හැකිය.

Staysafe යෙදුම ක්‍රියාත්මක වන ආකාරය

1.ඔබ කිසියම් ස්ථානයකට ඇතුළු වන හෝ පිටවන සෑම විටම QR කේතය ස්කෑන් කිරීම තුළින් හෝ 1919 වෙත කෙටි පණිවුඩයක් යැවීම මගින් හෝ ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය / විදේශ ගමන් බලපත්‍ර අංකය අදාළ ආයතනය වෙත ලබා දීම සිදු කිරීම තුළින් ඔබේ විස්තර පද්ධතියට ඇතුලත් කරන්න.

2.ඔබ කිසියම් ස්ථානයකට පැමිණි සහ පිටවූ වේලාවන් එම ස්ථානයම වෙත අන් අය පැමිණි සහ පිටවූ වේලාවන් සමඟ සංසන්දනය කෙරේ.

3.වෛරසය වැලදී ඇති පුද්ගලයෙකු එම අවස්ථාවේදී එම ස්ථානයේ සිටියේ නම් ඔබට ඒ බව sms  පණිවිඩයක් මගින් දන්වනු ලැබේ.

4.අදාළ දැනුම් දීමෙන් පසු ස්වයං නිරෝධායනය ඇතුළුව වෛරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා ගත යුතු සියළු පියවර ගන්න.

Stay Safe සේවාව භාවිතා කරන ආකාරය

මුලින්ම  ඔබ staysafe.gov.lk වෙත පිවිස මේ සදහා ලියා පදිංචි විය යුතුය. ඔබ පුරවැසියෙක්නම් පුරවැසියන් ලියා පදිංචි කරන ‌‌‌යොමුවෙන් නිවැරදි දත්ත ලබාදී ලියා පදිංචි විය යුතුය. ආයතන ,ආගමික ස්ථාන,ප්‍රවාහන සේවා හිමිකරුවන්ට ආයතන ලියාපදිංචි කිරීමේ යොමුවට ගොස් ඒ සදහා ලියාපදිංචි විය හැකිය.

ලියාපදිංච් වන ආයතයට QR කෝඩ් එකක් සහිත ස්ටිකරයක් ලැ‌‌බෙන අතර එය ඔබගේ ආයතනයට ඇතුල් වන ස්ථානයේ ඇලවිය යුතුය.

පරිශීලකයන්ට  ආයතනයට ඇතුල්වන විට එම ස්ටිකරය QR යෙදුම හරහා Scan කිරීම සිදු කල හැක.එවිට ඔබ එම ස්ථානයට ඇතුලත් වූ තොර තුරු පද්දතියට යොමුකෙරේ.

ස්මාර්ට් ජංගම දුරකතනයක් නොමැති අයට මේ සදහා සාමාන්‍ය ජංගම දුරකතනයක් භාවිත කල හැකි අතර sms මගින් ක්‍රියාත්මකවේ.

ව්‍යාපාරික ස්ථාන සදහා ලැබෙන ස්ටිකරය 

Stay Safe යෙදුම මහජනතාවට ප්‍රයෝජනවත් වන්නේ ඇයි?

  • ඔබ කොවිඩ් 19 අසාදිතයෙකු වෙත නිරාවරණය වූ විට ඒ බව දැනුවත් වීම සඳහා.
  • ඔබ ඇතුළුවන සෑම ස්ථානයකටම ඔබගේ විස්තර ඉක්මන්ව නිවැරදිව හා සෞඛ්‍යාරක්ෂිතව ලබා දීම.
  • ඔබ පළමු වර පමණක් ඔබගේ විස්තර ඇතුළත් කළ යුතු අතර ඉන් පසු ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදේශ ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම පමණක් සෑහේ.
  • qr ස්කෑන් පහසුකම ඔබට ප්‍රමාදයකින් තොරව අදාළ ස්ථානයට ඇතුළුවීමටත් පිටවීමටත් අවස්ථාව ලබාදේ .ඔබ සතුව SMART ජංගම දුරකතනයක් නැතිනම් කෙටි පණිවුඩ හරහා ඔබගේ විස්තර ඇතුළත් කළ හැක.

Stay Safe යෙදුම ආයතන වලට ප්‍රයෝජනවත් වන්නේ ඇයි?

  • කරදරයකින් තොරව ඔබගේ ව්‍යාපාරික ස්ථානයෙහි කොවිඩ් 19 ව්‍යාප්තිය හෝ පැතිරීම පාලනය කර ගැනීමට.
  • අවශ්‍ය දත්තයන් පමණක් ඇතුළු කිරීමෙන්, ඉක්මණින් සහ පහසුවෙන් පුද්ගලයින්ට ඇතුළුවීමටත් පිටවීමටත් හැකිවීම.
  • ආසාදිතයින් සහ නිරෝධායනය වන පුද්ගලයින් ඔබගේ ආයතනයට ඇතුළුවීමෙන් වළක්වා ගැනීමට.
  • ඔබගේ ආයතනයට පෙර පැමිණි කිසියම් පුද්ගලයකු වෛරසය සඳහා ධනාත්මක වුවහොත් ඒ බව ඔබට දැනගත හැක.
  • මුද්‍රිත QR කේතයන් කාර්‍ය බහුල වේලාවන් වලදී පහසුවෙන් පැමිණීමටත් පිටවීමටත් අවස්ථාව ලබා දේ.
  • වැඩි පහසුකම් වලින් යුත් මෙහෙයුම් පුවරුව ඔබට වඩාත් කාර්යක්ෂමව ආයතනය තුළ කොවිඩ් 19 ව්‍යාප්තවීම වැලැක්වීමට අවස්ථාව ලබාදේ.

ප‌‌ෞද්ගලිකත්වය.

මෙහි සියලුම දත්ත ශ්‍රී ලංකා රජයේ cloud දත්ත ගබඩාතුල තැම්පත්වන අතර ඒවා දැඩි ආරක්ෂාවකින් හා විදිමත් අධීක්ෂණයකින් සිදුකරනු ලබයි.දත්ත කිසිසේත්ම තුන්වන පාර්ශවයකට නතු නොවේ.මේ පිලිබද වැඩිදුර තොරතුරු සදහා ඔවුන්ගේ Privacy Policy කියවා බැලිය හැකිය.

ඔබ කිසියම් ස්ථානයකට පිවිසෙන විට තොරතුරු නොවරදවා ලබා දීම හා සෑම විටම නිවැරදි දත්ත පමණක් ලබාදීමත් මගින් ඔබත් ඔබගේ ආදරණීයන් හා රටත් සුරක්ශිත කල හැකිය. එය ඔබගේ වගකීමක් මෙන්ම යුතුකමකි.

මෙම යෙදුම ගැන සියලුම තොරතුරු නිල වෙබ් අඩවිය මගින් භාෂා ත්‍රිත්වයෙන්ම දැනගත හැකිය.

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.