සාගරය හරහා අන්තර්ජාලය‍ ලංකාවට සම්බන්ද කරන සබ්මැරීන් කේබල් ගැන ඔබ ‍නොදන්න තොරතුරු කිහිපයක් ගැන තමා අද අපි කතා කරන්නේ. මේ වසර අවසන් වන විට ලංකාවට අන්තර්ජාලය සපයන කේබල් අතරට තවත් කේබලයක් එකතු වනවා. මේ සියල්ල ගැන අපි මේ ලිපියෙන් කතා කරමු.

Submarine Cables 

BBG

bay of bengal

2016 ආරම්භ කරපු Bay of Bengal Gateway පද්දතිය ආසියානු කලාපයේ දැවැන්තම පෞද්ගලික සන්නිවේදන ආයතන වලට අයත් කේබලයක් රත්මලාන ප්‍රදේශයෙන් ලංකාවට සම්බන්ද වනවා. කිලෝමීටර් 8100 පුරා පැතිරී මැලේසියාව, ඉන්දියාව , ශ්‍රී ලංකාව ,අරාබි රටවල Dialog,Etisalat,Jio,AT&T,China Telecom,Omantel,Vodafone යන ආතන මේ කේබලයට හිමිකම් කියනවා. 55 Tbps උපරිම ධාරිතාවක් සැපයිය හැකියි.දැනට 10 Tbps ප්‍රමාණයක් භාවිතා වනවා. ශ්‍රී ලංකාව අන්තර්ජාලය සපයන වේගවත්ම කේබලයක් ලෙස හදුන්වන්න පුලුවන්.

SeaMeWe-5

SeaMeWe-5

මාතර ප්‍රදේශය‍ෙන් ලංකාවට සම්බන්ද වන එකම කේබලය තමා මේ SeaMeWe-5 කියන්නේ 2016  ආරම්භ කරපු සේවාවක් දිගින් ක්‍රිලෝමීටර්  20000 පැතිරිලා.තිබෙනවා.ඉතාලිය,අරාබිය,පකිස්ථානය,බංගලාදේශය,ශ්‍රී ලංකාව,සිංගප්පූරුව,තුර්කිය,ඉන්දුනීසියාව,මැලේසියාව,මියන්මාරය කියන රටවල් වලට සම්බන්දයි.Telekom Malaysia, BSCCL, China Mobile, China Telecom, Orange, MPT, Saudi Telecom, Singtel, Telecom Italia Sparkle, TeleYemen, China Unicom, du, Turk Telekom International, Ooredoo, Telecom Egypt, Djibouti Telecom මේ ආයතනවලට මේ කේබල්වල හිමිකාරීත්වය තිබෙනවා ලංකාවේ නම් Sri Lanka Telecom ආයතනය මේ කේබලයට හිමි කාරීත්වය සපයනවා.අපේ රටේ අධිවේගී අන්තර්ජාල සබදතා සදහා මෙම පද්දතිය ඉතාමත් වැදගත් 36.6 Tbit/s ධාරිතාවක් සපයන මෙම කේබලය‍ෙන්  17 Tbit/s ප්‍රමාණයක් භාවිතා වනවා.

SeaMeWe-4

SeaMeWe-4

කොළඹ නගරයෙන් ලංකාවට සම්බන්ද වන we-4 ‍ජනප්‍රිය කේබල් එකක් 20,000 Km දුරක් ඊජිප්තුව,ටියුනිසිය‍ාව,ඉන්දියාව,ප්‍රංශය,මැලේසිය‍ාව,සිංගප්පූරුව,ලංකාව,ඉතාලිය යන රටවල් සේවාසපයනවා.BSCCL, Orange, Singtel, Tata Communications, Telekom Malaysia, Airtel (Bharti), Sri Lanka Telecom, Etisalat, CAT Tel Tunisia Telecom, Verizon, Pakistan Telecommunications , Telecom Egypt, Algerie  ආයතන මේ කේබලයේ හිමිකරුවන්.

2005 දී දියත් කරන විට ධාරිතාව 1.28 Tbps මේ වන විට 4.9 Tbps ධාරිතාවක් සපයනවා.

SeaMeWe-3

SeaMeWe-3

1999 දි දියත්කරන ලද මෙම කේබලය කිලෝමීටර්  39,000 පුරාවට විහිදී තිබෙනවා.නෙදර්ලන්තයේ සිට ආරම්භ වී අප්‍රිකා ප්‍රදේශ හරහා ආසියානු කලාපය හා ඔස්ට්‍රේලියානු ප්‍රදේශවලටත් චීනය , කොරියන් රට වලටත් සම්බන්ද වී තිබෙනවා. ආසියානු කලාපයේ සෑම රටක්ම මේ සමග සම්බන්දයි. රටවල් 25 ප්‍රමාණයක් ආවරණය කරන මෙම කේබලයට Vodafone,Etisalat,Sri Lanka Telecom,AT&T, BICS, CAT,China Telecom සහ තවත් ආයතන 50 අධික ප්‍රමාණයක් මේ පද්දතියට හිමිකම් කියනවා. ශ්‍රී ලංකාවේ Mt,Lavinia වලින් රට තුලට සම්බන්දවනවා. ආරම්භයේදී 0.02 Tbit/s වේගයත් මේ වන විට 4.6 Tbit/s වේගයක් තිබෙන තරමක් මන්දගාමී පැරණි පද්දතියක්.

Dhiraagu-SLT Submarine Cable Network

Dhiraagu-SLT Submarine Cable Network

2007 වසර‍ේ සිට ක්‍රියාත්මක Dhiraagu-SLT කේබලය කිලෝමීටර් 850 ක දුරක් ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර සම්බන්දයි. Sri Lanka Telecom (15%), Dhiraagu(85%) ආයතන දෙක මෙහි හිමිකරුවන්. මාලදිවයින් Dhiraagu ආයතනයට මේ හරහා ශ්‍රීලංකාවට පමණක් සම්බන්ද වන අනෙකුත් ජාල වලට මේ හරහා ඉක්මනින් සම්බන්ද විය හැකියි. මෙහි ධාරිතාවක් ගැන අන්තර්ජාලයේ සදහන් වන්නේ නැහැ.

FALCON

FALCON

2006 සිට ක්‍රියාත්මක ප‍ෞද්ගලික පද්දතියක් තමා මේ Falcon කියන්නේ. 10,300 km දුරක් විහිදිල තිබෙනවා.කොළඹ නගරයෙන් ශ්‍රී ලංකාවට සම්බන්ද වන අතර ශ්‍රී ලකාව‍ෙන් එක් අන්තයක් අවසන්. ඊජිප්තුව,කුවේට්,ඉතාලිය,අරාබිය,ශ්‍රී ලංකාව,ඉන්දියාව,මාලදිවයින් දූපත් වලට මේ කේබලය සම්බන්දයි. Global Cloud Xchange මේ කේබලයේ තනි හිමිකරුවන්.ආරම්භ කරන විට ධාරිතාව 2.56 Tbps . ඊජිප්තුවේ සූවස් වලින් HAWK කේබලයට සෘජුවම සම්බන්දයි.අපේ රටේ සන්නිවේදන සමාගම් මේ කේබලයෙන් සේවාවන් කුලී පදනම මත ලබා ගන්නවා.

Bharat Lanka Cable System

2006 ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර 960 Gbps ධාරිතාවක් සහිත මේ කේබලය කිලෝමීටර් 320 දිගින් යුක්තයි. දැනට 40 Gbps ධාරිතාවක් උසුලනවා.Bharat Sanchar Nigam Limited සහ Sri Lanka Telecom ආයතන මෙහි හිමිකරුවන්.ඉන්දියාවේ Tuticorine හා ශ්‍රී ලංකාවේ Mt.Lavinia අතර මේ ජාලය සම්බන්ද කර තිබෙනවා.

Maldives Sri Lanka Cable (MSC)

msc

මේ වසර‍ේ (2020) අග වන විට සේවයට එක්වන අලුත්ම කේබලය තමා Maldives Sri Lanka Cable කියන්නේ මාලදිවයින සහ ලංකාවේ Mt.Lavinia අතර කිලෝමීටර් 130ක දුරක් මේ කේබලය පැතිරීයනවා. මාලදිවයිනේ Dhiraagu සහ Dialog Axiata PLC ආයතන වලට මෙහි හිමිකාරීත්වය ලැබෙනු ඇත.කේබලය ස්ථාපනය Huawei Marine Networks විසින් මේ වන විටත් සිදුකරමින් පවතිනවා.