Tesla බැටරි නිශ්පාදනයට කැ‌‌තෝඩ බලාගාරයක් ඉදිකරන බව Battery Event අවස්ථාවේදී නිවේදනය කරයි.

News Sep 23, 2020

Tesla සමාගමේ battery event අවස්ථාවේ සමාගමේ ඉදිරිවැඩ කටයුතු කිහිපයක්ම මාධ්‍යට අනාවරණයකර තිබුනි.

සමාගමේ පිරිවැය අඩුකිරීමට කැතෝඩ කම්හලක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරි එලොන් මස්ක් මහතා එහිදී කියා සිටියා.වර්ථමාන කැතෝඩ නිශ්පාදනය එතරම් පරිසර හිතකාමී නොවන බවත් අතර මැදි නිශ්පාදනයන් අවම කර  නව ආකාරයකට කැ‌තෝඩ නිශ්පාදනය සිදු කරන බවත් එහිදී ඔහු වැඩි දුරටත් කියා සිටියා.

බලාගාරය සදහා තවම ස්ථානයක් තෝරාගන නැතත් එය ‌බොහෝවිට Austin හි ඉදිකරනු ඇති බව මාධ්‍ය වාර්ථාකරනවා.තම අරමුණ සෑම මහද්වීපයකම ගිගාෆැක්ටරියක් ඉදිකිරීම බවත් ඔහු නිවේදනය කර තිබෙනවා.

Elon Musk - battery event 2020

නව බැටරියත් සමග $25,000 වටිනා මෝටර් රථයක් වෙළදප‌ොළට හදුන්වාදීමටත් . tabless බැටරි නිශ්පාදනය සදහා තමන් සැලසුම් කර ඇති බවත් ඔහු පවසනවා.ඒමගින් නව මෝටර් රථවල විකිණුම් මිල පෙට්‍රල් බලයෙන් ධාවනය වන මෝටර් රථවල මිලට සමාන කිරීමට තමාට හැකි බවත් ඔවුන්  ප්‍රකාශ කරනවා.

ටෙස්ලා දැනට සිය බැටරි Panasonic වෙතින් ලබාගෙන ඇති අතර,එම ක්‍රියාවලිය තවත් කාලයක් එලෙසම පවතිනු ඇත.නව බැටරි ආකෘතිය මගින් 520 miles  දුරක් 200 mph වේගයෙන් ධාවනය කිරීමේ හැකියාවක් පවතී.මෙම ව්‍යාපෘතියේ අවසාන ඉලක්කය මිනිසුන්ට දැරියහැකි මිලකට මෝටර් රථ නිශ්පාදනය හා කැතෝඩ නිශ්පාදයේදී සිදුවන ජලය අපතේ යාම අවමකිරිමයි.

Tesla Battery දිනයේ තොරතුරු Thevarge සහ cnet වෙබ් අඩවි මගින් සවිස්තරාත්මක දැන ගත

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.