Google Assistant හට දැන් නිවසේ විදුලි පහන් කාලසීමාව අනුව පාලනය කිරීමේ හැකියාව පවතී

Google Nov 23, 2020

Google Assistant හට නිවසේ විදුල් පහන් පාලනය කිරීම සිදුකල හැකිව තිබුනේ ඔබ අණදුන් විට පමණි.එනම් ඔබ විදුලි පහන් නිවා දැමීමට විධාන කල විට එසැනින් එය පාලනය කිරීමේ හැකියාවයි.නමුත් නව හදුන්වාදීමට අනුව එය ටයිමරයක කාර්යය පවා සිදු කරනු ලබයි.ඒ අනුව ගූගල් සහයකයා මගින්ඔ ඔබට දැන් කාලසීමාවට අනුව නිවසේ විදුලි පහන් ක්‍රියාත්මක කල හැකිය.

දැන් Google Assistant හට "turn the lights off in five minutes," හෝ "turn on the living room light at 5:45 PM." වැනි විධානයන් ලබාදීමේ හැකියාව පවතී.නමුත් මෙම විධාන දිනයකට පෙර ලබාදිය යුතු අතර දින කිහිපයක් සදහා සැලසුම් කිරීමේ හැකියාවක් තවමත් ලබාදී නොමැත.

Reddit

ඉහත විශේෂාංග ප්‍රයෝජනවත් විය හැකි නමුත්, තවමත් වෙනස් විය හැකි දේවල් කිහිපයක් ති‌බේ. හෙට දිනයේ යමක් කිරීමට විධානයක් ලබාදෙන විට ඒ සදහා "tomorrow,"ලෙස මුලින් ලබාදිය යුතුය.නැතහොත් විධානය නිවැරදිව ක්‍රියාත්මක නොවීඅ අනවශ්‍ය වෙලාවකදී ක්‍රියාත්මක වීමේ හැකියාව පවතී.එමෙන්ම විධානයක් ලබාදුන් පසු එය අවලංගු කිරීමේ හැකියාවද තවමත් ලබා දී නොමැත.විධානයක් ලබාදී එය අවලංගු කිරීමේ හැකියාවද ඉක්මනින් ලබා දිය යුතුව ඇත.

Via- Androidpolice

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.