ඔබ නිර්මාණය කරන වෙබ් අඩවිිය සදහා ගුණාත්මක සහ මිලෙන් අඩු වෙබ් සත්කකාරක සේවාවක් භාවිතා කිරීම මගින් ඔබට ඉක්මනින් ඉහල සා‍ර්ථකත්වයක් ලබාගත හැකියි.Host එකක් තෝරා ගැනීමේදී වේගය (Speed), උපකාර කිරීම් (support) සහ ආරක්ෂාව (security)  අනිවාර්යයෙන් ම සපුරාලන්නේ දැයි තහවුරු කරගත යුතු වෙනවා. මේ සදහා ධාරිතාවය , හොද වෙබ් සත්කාරක සමාගමක් සතුව තිබිය යුතු පහසුකම් හා ඔබට ගැලපෙන පරිදි එම පහසුකම් සහිත සේවාවක් අඩුමිලට ලබාගන්නා ආකාරය ගැන මෙම ලිපිය මගින් විස්තර කෙරෙනවා.

1.99.9% Uptime

ඔබ වෙබ් සත්කාරක සමාගමක් තෝරාගැනීමේදී සලකා බැලිය යුතු වැදගත්ම කරුණ වන්නේ මෙයයි . Uptime යනු ඔබගේ සර්වරය ක්‍රියාත්මක වන කාලයයි. සාමාන්‍යයෙන් වෙබ් සර්වරයක් අධික ලෙස ඩවුන්වීමක් සිදුවුවහොත් පැමිණෙන පරිශීලකයන් ප්‍රමාණය අඩුවීම මෙන්ම ගූගල් සෙවුම් පිටුවලින්ද ඉවත් වීම බොහෝවිට සිදු වේ.එම නිසා ඔබ වෙබ් සත්කාරකත්වයක් සොයන පුද්ගලයෙක් ලෙස 99% Uptime පිලිබදව සලකා බැලීම අත්‍යාවශ්‍ය වේ.

2.Storage

ඔබගේ වෙබ් අඩවියේ ස්වභාවය අනුව අවශ්‍ය ධාරිතාවය තීරණය වේ. ප්‍රමාණයෙන් විශාල නොවන වෙබ් පිටු 5 පමණ ඇති වෙබ් අඩවියක් නම් 500MB ප්‍රමාණයක් ඔබට අවශ්‍ය  වනු ඇත. සාමාන්‍යයෙන් බොලොග් වර්ගයේ වෙබ් අඩවියක් ඔබ දිනකට වරක් යාවත්කාලීන කිරීම සිදුකරද සාමාන්‍යයෙන් වසරකට 1GB ප්‍රමාණයක් ඉතාමත් සෑහේ.එමෙන්ම වෙබ් හොස්ටින් සදහා SSD Disks ලබාදෙන ආයතනයක් තෝරාගැනීම අත්‍යාවශ්‍ය වේ. එමෙන්ම එකවරම 20GB,30GB ප්‍රමාණයයේ පැකේජ වලට යොමුවීම අනවශ්‍ය දෙයකි. අනවශ්‍ය ලෙස ප්‍රමාණයෙන් විශාල ධාරිතාවන් ලබාගැනීම අනවශ්‍ය කරුණකි. (අන්තර්ජාලයේ ඇති බෝහෝ වෙබ් අඩවි ආරම්භ කර වසර 5 කාලයක් ගත වුවත් ඇතැම් වෙබ් අඩවි 2GB ධාරිතාවක් පමණ සම්පූර්ණ කරයි. )

3.Bandwidth

එනම් පරිශීලකයන් පැමිණ වෙබ් අඩවිය නැරඹීම,උඩුගත කිරීම වැනි විවිධ කාර්යයන් කිරීමේදී ඇතිවන තදබදයයි. ඔබගේ වෙබ්අඩවියේ Bandwidth ධාරිතාවය වැඩිනම් විශාල පරිශීලකයන් පිරිසකට වෙබ් අඩවියට එකවර ඇතුල් විය හැක.එම නිසා Bandwidth සීමාව තෝරාගැනීමේදී අවම 10GB සීමාවක් පවත්වාගැනීම අත්‍යාවශ්‍ය වේ.සාමාන්‍යයෙන් ඔබගේ වෙබ් අඩවිය මසකට පරිශීලකයන් 10000 පමණ භාවිතාකරන්නේනම් අවශ්‍යකරන Bandwidth ප්‍රමාණය 3GB පමණවේ. වෙබ්හොස්ට් පැකේජ තෝරාගැනීමේදී ආයතන වල සදහන් කරඇත්තේ මාසයක් සදහා ඔවුන් ලබාදෙන Bandwidth ප්‍රමාණයයි. සෑම මාසයක් අවසානයේදීම Bandwidth ප්‍රමාණය Reset කිරීම සිදුවේ.

4.SSI

‍වර්ථමානයේ වෙබ් අඩවියක් සදහා අවශ්‍යම වන අංගයකි. පරිශීලකයන්ගේ දත්තවල ආරක්ෂාව , වෙබ් අඩවියේ අන්තර්ගතවල ආරක්ෂාව වැනි කරුණු සදහා මෙම SSL උපකාරීවේ.එමෙන්ම https නොමැති වෙබ් පිටුවලට පිවිසීම ඇතැම් වෙබ් බ්‍රවුසර් මගින් අවහිර කිරීමද සිදුවේ.එම නිසා වෙබ් සත්කාරකත්වයක් තොරාගැනීමේදී ssl ලබාදෙන ආයතනයක් වීම අත්‍යාවශ්‍ය වේ.

5.Backup

වෙබ් අඩවියේ දත්තවල ආරක්ෂාව සදහා දිනපතා හෝ සතියකට වරක්හෝ බැකප් සේවාව ලබාදෙන ආයතනයක් තෝරාගන්න.

6. Customer Support

ඔබට ගැටලුවක් ඇතිවූ අවස්ථාවක හා වෙබ් අඩවියේ දෝශයක් ඇති අවස්ථාවක එය නිරාකරණය කිරීමට වෙබ් සත්කාරක සමාගමේ සහය ලබාගැනීම අත්‍යාවශ්‍යවේ.ඒ සදහා පැය 24 පුරාවටම සහය හිමිවන ආයතනනයක් තෝරාගන්න‍.

7. Load

වෙබ් අඩවිය තත්පර 3 කාලයක් ඇතුලත වෙබ් බ්‍රවුසරය මත දර්ශණය වීම හොද වෙබ් සර්වරයක ලක්ෂණයයි.වෙබ් අඩවිය ලෝඩ් වීමට විශාල කාලයක් ගතවන්නේ නම් . එම වෙබ් අඩවියට පරිශීලකයන් අකමැත්තක් දක්වයි. එමනිසා Lightspeed සේවාදායක සපයන සමාගමක් තෝරාගන්න.

8. Server Type

වෙබ් අඩවියේ ධාරිතාවය හා ස්වභාවය අනුව ‍සේවාදායකයේ වර්ගය ගැන හිතන්න ඔනෑ වර්ථමානයේ නම් හැමදේටම Lightspeed ගැලපෙනවා.

Apache , NGINX හා Litespeed වෙබ් සේවාදායකයන් හදුනාගනිමු .
ApacheApache යනු වඩාත් පැරණි ම‍ෙන්ම පැරණිතම නිදහස් සේවාදායකයයි. 1995 වසරේ දීහදුන්වාදුන් එය වර්තමානය වන විට වඩාත් ස්ථාවර මට්ටමක සේවාදායකයක් බවට පත්වීඇත.එමෙන්ම ඉක්මනින් සංවර්ධනය වන සේවාදායකයකි. විශාල ධාරිතාවයේ ග්‍රාහකයන් පිරිසකටඑකවර පිවිසීමට හැකියාව ලබාදෙන වෙබ් සේවාදායක වර්ගයකි.නමුත් වර්ථමානය වන ව…

Shared Hosting , VPS, Dedicated Servers ලෙස වෙබ් සත්කාරකත්වය අංශ කිහිපයකට බෙදී යයි. ඔබගේ වෙබ් අඩවිය සාමාන්‍ය ප්‍රමාණයේ වෙබ් අඩඩවියක් නම් Shared hosting වඩ‍ාත් සෑහේ. එමෙන්ම Video ගොනු හොස්ට්කිරීම Shared Hosting වලදී සිදුනොකරයි. Shared Hosting වලදී සිදුවන්නේ විශාල වෙබ් අඩවි ප්‍රමාණයක් එක සර්වරයක හෝස්ට් කිරීමයි. එනිසා විශාල ප්‍රමාණයේ වෙබ් අඩවියක් සදහා Shared Hosting භාවිතය සිදුකල නොහැක. එවැනි වෙබ් අඩවි සදහා VPS හෝ Dedicated Hosting ලබාගැනීම අත්‍යාවශ්‍ය වේ.

වෙබ් සත්කාරකත්වය ගැන තවත් සලකා බැලීමේදී සර්වරවල ආරක්ෂාව සදහා එම ආයතන ගෙන ඇති ක්‍රියාමාර්ග , වෙබ් සර්වර පවතින රටවල් හා එම පද්දතිවල ආරක්ෂාව හා පිලිවෙල ගැනත් සැලකිලිමත් වන්න.