ලිතුවේනියාව චීන දුරකතන භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කරයි

News Sep 24, 2021

ලිතුවේනියා රජය, චීනයේ නිශ්පාදිත දුරකතන භාවිතයෙන් ඉවත් කරන ලෙස එරට මහජනතාවට දැනුම් දී ඇත. Xiaomi සහ Huawei දුරකථන වල ඇති දත්ත ආරක්ෂණ ගැටලු මෙයට හේතුවයි. ලිතුවේනියාවේ සයිබර් ආරක්ෂණ ආයතනය විසින් මෙම දෝශ හදුනාගන ඇති අතර ඔවුන් පවසන්නේ Xiaomi සහ Huawei ඇතුලුව එම රටේ නිශ්පාදනය කරන කිසිදු දුරකතනයක් භාවිතා නොකරන ලෙසයි.

එමෙන්ම ලිතුවේනියාව පොදුවේ චීන නිශ්පාදන භාවිතා නොකරන ලෙස ලෝකයේ අනෙකුත් රටවලින්ද ඉල්ලීමක් කර ඇත. Xiaomi දුරකතන වල ඇති internet browser හා වෙනත් පද්දති මගින් ‌පරිශීලක කොන්දේසි කඩකරම්න් දත්ත ලබාගන්නා බව හදුනා ගත හැකිය.

යුරෝපා සංගම් කලාපය තුල ඇති කොන්දේසිද උල්ලංගනය කරමින් මෙම සමාගම් වෙනත් රටවල පරිශීලක දත්ත එකතු කරමින් චීන රජයට ලබාදෙන බව රොයිටර් පුවත් සේවය වාර්ථා කරයි. මේ හේතුවෙන් මීට පෙරදී ඇමරිකාව චීන සමාගම් වාරණය කල අතර ඉන්දියාවද චීන දුරකතන යෙදුම් රැසක් වාරණය කිරීම සිදුකර ඇත.

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.