ByteDance, Tik Tok Payment නමින් නව වෙළඳ ලකුණක් ඉල්ලුම් කරයි.

News Dec 31, 2020

TikTok  හිමිකාරීත්වය දරණ Bytedance සමාගම මෑතකදී නව වෙළද සලකුණක් සදහා ඉල්ලුම් කර තිබේ.“TikTok Payment.” Trademark යටතේ Financial Property Management යෙදෙන කාණ්ඩ 36ක් ආවරණය කරයි.

2020 සැප්තැම්බර් මාසයේදී සමාගම චීනයේ විද්‍යුත් ගෙවීම් තාක්ෂණය වැඩිදියුණු කිරීම සදහා UiPay මිලදීගත් පසු Byte Dance සමාගම මෙම අංශය ගැන වැඩි අවධානයක් දක්වමින් සිටියි.Uipay මිලදී ගත් අවස්ථාවේ සමාගම නිවේදනය කරනු ලැබුවේ මෙම යෙදුම මගින් පරිශීලක අත්දැකීම් වැඩිදියුණු කරන බවත් බයිට් ඩෑන්ස් හි අනෙකුත් නිෂ්පාදන සහ සේවාවන් භාවිතා කරන්නන්ටද වැඩි අවධානයක් මේ මගින් ලබාදෙන බවයි.

2020 ජුනි මාසයේදී ByteDance සමාගම මූල්‍ය බලපත්‍ර තුනක් ලබාගැනීමට සමත්විය.මේ මගින් ඉදිරියේදී නව ගෙවීම් ක්‍රමයක් හදුන්වාදීමට සූදානම් වන අතර එය මුලින්ම චීනයට පමණක් ලබාදීමට ඔවුන් අදහස් කරගෙන සිටියි.

වර්ෂය ආරම්භයේ සිටම ByteDance සිය සේවාවන් ගෝලීයව පුළුල් කිරීම සිදුකරමින් සිටියි.රොයිටර් වාර්තාවකට අනුව සමාගම සිංගප්පූරුව වැනි රටවල ඩිජිටල් බැංකු බලපත්‍ර සඳහා පවා ඉල්ලුම් කර තිබේ .

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.