TV Derana Youtube නාලිකාව Crypto වංචනික හැකර්වරුන් විසින් හැක් කරනු ලබයි.

Cyber Security Aug 29, 2021

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රූපවාහිනී නාලිකාවක් වන TV Derana සතු TV Derana Youtube නාලිකාව Crypto හැකර්වරුන් විසින් හැක් කර ඇත. මෙය Twitter නාමය වෙත හානිකරමින් BitCoin වංචාවන් සිදුකරන හැකර්වරුන් විසින් සිදුකර ඇති අතර මේ දිනවල බොහෝ විශාල මට්ටමේ Youtube නාලිකාවන් කිහිපයක්ම මෙම කණ්ඩායම විසින් හැක්කර ඇත. ඔවුන් එහි Twitter Logoව ඇතුලත් කරමින් Twitter සමාගමේ නිර්මාතෘ ජැක් ඩෝර්සි හා Elon Musk පෙනී සිටි Events එකLIve Streaming කරමින් සිටියි.

tv derana hacked 2021

කෙසේ වුවත් හැකර්වරුන් නාලිකාවේ ඇති වීඩියෝ වලට කිසිදු හානියක් කර නැත. මෙය නැවත යථාතත්වයට ගැනීමට Tvderana කටයුතු කරමින් සිටින බව එහි ප්‍රකාශකයින් සදහන් කරයි. TV Derana ශ්‍රී ලංකාවේ ඇති දෙවනුවට විශාලතම Subscriber පිරිසක් සිටින ‌නාලිකාව වේ.

Update 10.06PM - හැකර්වරුන් දැන් නාලිකාවේ නම  Crypto News ලෙස වෙනස් කර ඇත.

Update 10.39PM - ඔවුන් නාලිකාවේ ඇති වීඩියෝ සියල්ල Hide කර ඇත.

Update 08/30/2021 - 7.33AM  - මේ වන විට Youtube නාලිකාව සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත්කර ඇත.

TV Derana, the leading TV channel in Sri Lanka, has been hacked by crypto hackers. This was done by hackers who carried out Bitcoin scams that harmed Twitter, and these days the group has hacked several large scale Youtube channels. They are adding a Twitter logo to it and live streaming an event featuring Twitter founder Jack Dorsey.

However, the hackers did no harm to the videos on the channel. According to its spokespersons, Tvderana is working to restore this. TV Derana is the second largest subscribed channel in Sri Lanka.

Images : Unflash

Tags

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.