Tweets සඳහා emoji reactions හදුන්වා දීමට Twitter තීරණය කරයි.

News Sep 10, 2021

සරල like එකකින් ඔබ්බට ගොස් twitter වෙත emoji reactions එකතු කරන බව සමාගම පසුගිය දා නිවේදනය කරා. ඒ අනුව ඉදිරි දින කිහිපයේදී තුර්කීයේ පරිශීලකයින්ට මෙම පහසුකම මුලින්ම ලැබීමට නියමිතය.කෙසේ වුවත් මෙම පරීක්ෂණය සීමික කාලයක් පරිශීලකයින්ට හිමිවන අතර නොබෝ දිනකින්ම එය ලෝකයේ සියලුම පරිශීලකයින්ට ලබාදෙන බව Twitter සමාගම නිවේදනය කරයි.

මෙම විශේෂාංගයේ අරමුණ නම් Tweet එකක මිනිසුන්ට හැගෙන ආකාරය මිනිසුන්ට ඉක්මනින් පෙන්වාදීම හා Tweet එක දැමූ පුද්ගලයාට තමන්ගේ Tweet එක පිලිබද පැහැදිලි අදහසක් ලබාගැනීම බව Twitter සමාගම පවසයි.

Hart බොත්තම මත තට්ටු කිරීමෙන් emoji reactions ලබැගත හැකි අතර ‌එය මත කෙටි තට්ටුකිරීමකින් (TAP) සුපුරුදු Like එක පමණක් ලබාදිය හැකිය.

වසර කිහිපයක සිටම Twitter හි DM තුල මෙම emoji reactions පහසුකම හදුන්වා දී ඇති අතර Facebook, Linked In තුලද මෙම සේවාවන් වසර කිහිපයක සිටම භාවිතා වේ. Facebook හි ඇති කෝපයට පත් මුහුණ මෙය තුලට එක්කර නැත. Twitter පවසන්නේ ඉදිරි දින වලදී මෙය තුර්කියේ පරිශීලකයන් යොදාගන පරීක්ෂා කරන බවයි.

Via: Thevarge / Image : Twitter

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.