Twitter DM වැඩිදියුණු කිරීම සදහා Quill පණිවිඩකරණ වේදිකාව Twitter විසින් මිලදී ගනී

News Dec 9, 2021

Twitter විසින් DM වැඩිදියුණු කිරීම සදහා පණිවිඩකරණ වේදිකාවක් වන Quill අත්පත් කරගත් බව සමාගම අගහරුවාදා නිවේදනය කළා. ඒ අනුව Quill මෙහෙයුම් නවතා දමා එම කණ්ඩායම Twitter Experience සමග සම්බන්ද වනු ඇත. එමෙන්ම Quill හි පරිශීලකයන් හට ඔවුන්ගේ මුදල් ආපසුගෙවන බවත් එම සමාගම නිවේදනය කර ඇත.

Quill පෙබරවාරි මාසයේදී දියත් කරන ‌පහසුකමක් වන අතර එය නිර්මාණය කරන ලද්දේ Stripe හි ‌අධ්‍යක්ෂකවරයෙකු වන Ludwig Pettersson විසිනි. ඒ අනුව Ludwig Pettersson මෙම මිලදී ගැනීමත් සමග Twitter වෙත එකතු වනු ඇත.

ඒ අනුව Twitter DM ‌වල පැහැදිලි වෙනසක් අනාගතයේදී සිදුවීමට නියමිතව ඇති අතර ඇතැම් විට එය Twitter යෙදුමෙන් පිටත වෙනත් පණිවිඩකරණ වේදිකාවක් දක්වා උවත් සංවර්ධනය වීම සිදුවිය හැකිය. නව CEO Parag Agrawal යටතේ ඉතා ඉක්මනින් Twitter ‌හි ඇතැම් පහසුකම් වෙනස් වූ අතර Twitter හි බොහෝකලක් සිදුකිරීමට අතපසු වෙමින් තිබූ තීරණ ක්‍රියාත්මක කිරීමට ඔහුට හැකිවිය.

Via : Thevare , Techcunch / Images: thevarge

Tags

Madusanka

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.