ලොව විශාලතම Microblog වෙබ් අඩවිය වන twitter වෙබ් අඩවිය ඉදිරි සති කිහිපය තුල තම සේවාවන් සදහා විශාල වෙනස්කම් කිහිපයක් එක්වන බවට ප්‍රකාශයට පත්කර ඇත. පරිශීලක අත්දැකීම් දියුණු කිරීම හා ආරක්ෂාව  වැඩිකිරීමට ඔවුන්ට අවශ්‍යව ඇත. ඒ සදහා twitter නව වෙනස්කම් කිහිපයක් පිළිබදව මාධ්‍යට අනාවරණය කර ඇත.

1. Communities

twitter මගින් Communities නමින් නව විශේෂාංගයක් නිර්මාණය කිරීමට සූදානමින් සිටින අතර මෙය facebook group වලට බෙහෙවින් සමානය. මේ මගින් පොදු මාතෘකා සදහා සමූහ නිර්මාණය කලහැකි අතර සමාන අදහස් ඇති පරිශීලකයන් සදහා අන්තර් ක්‍රියා සිදුකල හැකිය. එය දැනට twitter හි ඇති topics විශේෂාංගයේ වැඩිදියුණු කිරීමකි.

2. Super Follows

Via:ultimatepocket.com

Super Follows යනු පරිශීලකින්ට ඔවුන් කැමතිම ගිණුම් සදහා සහය දැක්වීම හා ඒ මගින් අමතර වරප්‍රසාද ලබා ගැනීමට ඉඩ සලසන අංගයකි. මේ මගින් පරිශීලකයින්ට මුදල්ගෙවා ගිණුමේ  Super Follow වරයෙකු විය හැකි අතර ගිණුම් හිමියාට super අනුගාමිකයිට පමණක් පෙනෙන ලෙස අන්තර්ගත පළකල හැකිය. මීට අමතරව Supporter badge එකක් අනුගාමිකයින්ට හිමිවේ. මේ මගින් මුදල් ඉපයීමේ අවස්ථාවක් නිර්මාණය වේ.

3. Safety Mode

Via:pocketnow.com

twitter නිතරම පරිශීලක ආරක්ෂාව හා පෞද්ගලිකත්වයට මුල් තැනදෙන සමාජ වේදිකාවක් ලෙස පරිශීලකයින් අතර විශ්වසනීයත්වයක් ගොඩනගා ඇත. එබැවින්, පරිශීලකයින් අනිසි අන්තර්ගතයන් සහ අයාචිත තැපැල් ට්වීට් වලින් ආරක්ෂා කර ගැනීම සඳහා නුදුරේදීම පරිශීලකයන් සදහා Safety Mode ලබාදීමට නියමිතය.

මේය සක්‍රීය කිරීම මගින් ට්විටර් නීතීන් කඩකරන ගිණුම් වල ට්විට් දර්ශණය වීම නවතාදැමිය හැකිවන අතර එම ගිණුම් දින 7 දක්වා අවහිර කල හැකිවේ.

4. Business Profiles

ට්විටර් ඉක්මනින් එළිදැක්වීමට අපේක්ෂා කරන තවත් අංගයක් වන්නේ business profiles අංගයයි. මෙමගින් ගිණුම් වර්ගීකරණය කිරීම සිදුකල හැකිවන අතර ව්‍යාපාර ගිණුම් සදහා වෙනත් පෙනුමක් ලබාදෙනු ලබයි. ව්‍යාපාර ගිණුම් වල location/ address, opening times ආදී විස්තර සහ Bot Support  පහසුකමද ලබාදිය හැකිවේ.

5. Audio Spaces

Via:gadgets360

voice පදනම් කරගත් සමාජ ජාල යෙදුමක් වන Club house  අනුකරණය කරමින් ශ්‍රව්‍ය අවකාශ විශේෂාංගයක් හදුන්වාදීමට නියමිතය. මේ මගින් Voice group නිර්මාණය කලහැකි අතර  පුද්ගලින්ට තමා තෝරාගත් අනුගාමිකයින් සදහා Voice room නිර්මාණය කරමින් සංවාදයේ යෙදිය හැකිය. පසුගිය වසරේ සිට මෙම අංගය ios මත beta පරික්ෂාකරමින් සිටියි .

Twitter - Banzgeek
Banzgeek is a Sri Lankan technology news website. It is one of the leading technology Tutorials And News Blog websites in Sri Lanka powered by Sinhala language.Although it aims to provide technical articles and provide free IT knowledge, today even technical news is published in Sinhala.