twitter විසින් voice tweet පහසුකම ලබාදීමෙන් පසුව දැන් direct messages සදහාත් හඩ පණිවිඩ යැවීමේ පහසුකම අත්හදා බැලීම සිදුකර තිබෙනවා.මේ සදහා පරික්ෂාකිරීමේ කටයුතු සදහා ඔවුන් බ්‍රසීලය තෝරාගන තිබෙනවා.twitter direct messages නිෂ්පාදන කළමනාකරු Alex Ackerman පවසන පරිදි එක් පණිවිඩයක් තත්පර 20ක කාලයක් ලැබෙනු ඇත.''ට්විටර් හි අදහස් දැක්වීමට තවත් පහසුකම් අවශ්‍යබව අපි දනිමු'' ඔහු වැඩිදුරටත් පවසා ඇත.

voice tweets සදහා ලබාදෙන අතුරුමුහුණතටම සමාන අතුරු මුහුණතක් මේ සදහාත් ලබා දී ඇති අතර එමෙන්ම පණිවිඩය වාදනය කරන විට පණිවිඩය එවනු ලබන පුද්ගලයාගේ අවතාරය (avatar) pulsates වීමක් සිදුවේ. අනිසි ලෙස යමෙකු එවනු ලබන හඩ පණිවිඩ සෘජුවම report කිරීමේ හැකියාවක්ද මේ හරහා ලබාදී තිබේ.
ට්විටර් voice tweets ලබාදීමෙන් පසු මෑත කාලීනව ඔවුන්ට දැඩි විවේචන වෙත එල්ල විය.නමුත් ට්විටර් හි Dantley Davis පවසන්නේ නිශ්පාදන සංවර්ධන ක්‍රියාවලින සම්පූර්ණයෙන්ම වෙනස්කර ඇති බවත් ඔවුන් නව විශේෂාංග හදුන්වාදීමේදී ඒ සදහා ප්‍රවේශ්‍යතාව සැමවිටම සලකා බලන බවත්ය.