Android Phone එකක අමතක උන lock එකක් unlock කරන විදිය දැන ගමු. ඉතින් මුලින්ම කියන්න ඕන, මේ ක්‍රමයට phone එකේ lock එක unlock කරොත් phone එක reset වෙලා තමයි unlock වෙන්නේ.

එහෙනම් අපි බලමු phone එකේ lock එක unlock කරන හැටි. වැදගත් කාරණය මුලින්ම phone එකේ sim එක chip එක (SD කාඩ්) ගලවන්න. ඊලගට phone එක off කරන්න. ඊට පස්සෙ මේ විදියට phone එක on කරගන්න.

𝗛𝗢𝗠𝗘 + 𝗩𝗢𝗟𝗨𝗠𝗘 𝗨𝗣 + 𝗣𝗢𝗪𝗘𝗥 = 𝗦𝗔𝗠𝗦𝗨𝗡𝗚

𝗛𝗢𝗠𝗘 + 𝗣𝗢𝗪𝗘𝗥 = 𝗠𝗢𝗧𝗔𝗥𝗢𝗟𝗔 𝗗𝗥𝗢𝗜𝗗

𝗣𝗢𝗪𝗘𝗥 + 𝗩𝗢𝗟𝗨𝗠𝗘 𝗨𝗣 = 𝗭𝗧𝗖, 𝗗𝗜𝗔𝗟𝗢𝗚, Huawei, 𝗠𝗜𝗖𝗥𝗢𝗠𝗔𝗫

𝗩𝗢𝗟𝗨𝗠𝗘𝗨𝗣 + 𝗖𝗔𝗠𝗔𝗥𝗔 = Camera Button තියෙන phones වලට

𝗩𝗢𝗟𝗨𝗠𝗘  + 𝗣𝗢𝗪𝗘𝗥 + 𝗛𝗢𝗠𝗘 = 𝗡𝗘𝗫𝗦𝗨𝗦

ඉතින් මේ විදියට phone එක on කරාට පස්සෙ, menu එකක් open වෙනවා (මේ menu එකේ උඩට යන්නේ 𝗩𝗢𝗟𝗨𝗠𝗘 𝗨𝗣 එකෙන්. පහළට යන්නේ 𝗩𝗢𝗟𝗨𝗠𝗘 𝗗𝗢𝗪𝗡) ඊට පස්සෙ, "𝗪𝗶𝗽𝗲𝗱𝗮𝘁𝗮/𝗳𝗮𝗰𝘁𝗼𝗿𝘆 𝗿𝗲𝘀𝗲𝘁" කියන එක select කරන්න. (Select කරන්නේ 𝗣𝗢𝗪𝗘𝗥 button එක, එක පාටක් press කරලා). පස්සෙ තවත් menu එකක් එනවා. "𝗬𝗘𝗦 𝗗𝗘𝗟𝗘𝗧𝗘 𝗔𝗟𝗟 𝗨𝗦𝗘𝗥 𝗗𝗔𝗧𝗔" කියන එක Select කරන්න. දැන් ඔයාගේ phone එක reset වෙනවා.

ඉතින් phone කඩෙන් මිලදී ගද්දි තිබුණු විදියට phone එක reset වෙනවා. ඔයා ගත්ත photos, Videos, Apps මොනවත්ම phone එකේ තියෙන්නේ නෑ.

මේ ගැන දන්න ගොඩක් අය අනිවාර්යෙන් ඉන්නවා. එත් මේ ගැන නොදන්න අයට තමයි මේ ලිපිය අරගෙන ආවේ. මේ දේ phone shop එකකින් කරනවා නම්, රුපියල් 800/=, 900/= වගේ මුදලක් වැයවෙනවා. ඉතින් නිකරුනේ මුදල් නාස්ති කරගන්නේ නැතිව, සාර්ථකව phone එක unlock කරගන්න පුළුවන් මේ ක්‍රමයට...

ඊළඟ ලිපියෙන්; Google lock එක වැටිලා තිබ්බොත්, ඒක unlock කරගන්න අවශ්‍ය .apk files, method ගැන සවිස්තරාත්මක ලිපියක් අරගෙන එන්නම්.