Microsoft සමාගම පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටින්නේ අවධානමක් ඇති බව හදුනාගත් වහාම මෙහෙයුම් පද්දතිය යාවත්කාලීන කරන ලෙසයි.

PrintNightmare නම්න් හැදින් වෙන මෙම ආරක්ෂක දෝෂය Print Spooler service හරහා පැමිණ ඇති අතර PrintNightmare නිසා හැකර්වරුන්ට ඔබේ පරිගණකයේ වැඩසටහන් ස්ථාපනය කිරීමට, දත්ත බැලීමට හා මකා දැමීමට හෝ පූර්ණ පරිශීලක අයිතිවාසිකම් ඇති නව පරිශීලක ගිණුම් නිර්මාණය කිරීමට පවා හැකි බවය. එමඟින් හැකර්වරුන්ට ඔබේ පරිගණකයේ බරපතල හානියක් කිරීමට ප්‍රමාණවත් විධානයක් සහ පාලනයක් ලබා දේ.

වින්ඩෝස් 10 හා වින්ඩෝස් 7 , 8 ද  මෙම අවධානමට ලක්ව ඇත.

මෙම දෝෂය නිසා වින්ඩෝස් 7 සඳහා තවදුරටත් යාවත්කාලීනයන් නිකුත් නොකරන බව නිවේදනය කළද මයික්‍රොසොෆ්ට් සිය අවුරුදු 12 ක් පැරණි මෙහෙයුම් පද්ධතිය සඳහා පැච් එකක් නිකුත් කළ අතර එය ප්‍රින්ට්නයිට්මේර් දෝෂයේ බරපතලකම අවධාරනය කරයි. කෙසේ උවත් Windows 11 හා Windows Server 2016, Windows 10, version 1607,  Windows Server 2012 සදහා තවමත් patch නිකුත් කර නොමැති අතර ඒවා ඉක්මනින් පැමිණෙනු ඇත.

Via : CNN / Images: The Sun