Smart phone එකක් අද කාලේ හැමෝම ගාව තියෙන අනිවාර්‍ය උපකරනයක්. නමුත් අපි smart phone හරියට භාවිතා කරනවද කියන එක තමයි ගැටළුව. අද මේ ලිපියෙන්, ඉගෙනගන්න ළමයෙක්ගෙ smart phone තිබිය යුතුම apps කීපයක් ගැනයි දැනුවත් කරන්න යන්නේ. මේ හැම app එකක්ම free download කරන්න පුළුවන්. එත් සමහර apps වල නම් premium version තියෙනවා. ඒත් අපිට free version එකෙන් අපේ උවමනා වැඩේ කරගන්න පුලුවන්. මේ apps සුපුරුදු විදිහට Play store එකේ හරි App store එකේ app නමින් search කරල app එක download කරගන්න පුළුවන්. (Huawei phone වල App Gallery එකෙත් ඇති. පොඩ්ඩක් search කරල බලන්න. නැත්නම් ApkPure වගේ website එකකින් download කරගන්න පුළුවන්.


To Do List

මේකෙන් පුලුවන් අපිට ඉදිරියට කරන්න තියෙන වැඩ ටික, පෙළගස්වා ගන්න. හිතන්න, අනිද්දට assignment එකක් තියෙනවා කියලා... ඉතිං අදම ඒක list එකට දාගන්න. එතකොට ඔයා to do list එක check කරද්දි, මුලින්ම ඔයාට කරන්න තියෙන වැඩේ app එකෙන් පෙන්නයි. Time Table එකක් උනත් පවත්වගෙන යන්න පුළුවන්. ඉවර කරන වැඩ finished කියල mark කරන්න පුළුවන්. https://play.google.com/store/apps/details?id=com.splendapps.splendo

Scientific Calculator

ගොඩක් වෙලාවට ගණිත ගැටළු විසදද්දි අපිට අවශ්‍ය වෙන දෙයක් තමයි calculator එක. Calculator එකක් සමහර විට තමා ළඟ ඇති. එත් ඒක නිතරම යන යන තැන අරගෙන යන්නේ නෑනේ කොහොමත්ම. ඉතින් ඒ වගේ වෙලාවකට smart phone එකෙත් calculator එක තිබ්බා නම් හොදයි. නමුත් ගැටළුව තියෙන්නෙ අපේ phone වලටම එන scientific calculators අපි භාවිතා කරන ඒව තරම් ප්‍රයෝජනවත් නැති වීම. ඒ නිසා ඔයාට අවශ්‍ය ගණිත කර්මයට අදාළ calculator එකේ නම, App store එකේ search කරන්න... http://play.google.com/store/apps/details?id=com.nstudio.calc.casio.business


Oxford Dictionary

කැම්පස් එකක නම් හැමදෙයක්ම වගේ ඉංග්‍රීසියෙන් අපි ඉගෙන ගන්නෙ. ඉතින් නොදන්න වචන ඕන තරම් අපිට හම්බෙනවා. සමහර විට වචනෙ සිංහල තේරුම දැනගත්තත් අපිට ඒක ගැන අදහසක් හරියට එන්නෙ නෑ. ඒකට විසදුමක් තමයි මේ. අපි search කරන සෑම වචනයකටම පැහැදිලි කිරීමක් මේකෙන් අපිට ගන්න පුලුවන්. ඉංග්‍රීසි ඉගෙන ගන්නත් ඒක හරිම වටිනවා. https://play.google.com/store/apps/details?id=com.mobisystems.msdict.embedded.wireless.oxford.dictionaryofenglish


Socratic

මේකෙන් පුලුවන් ඔයාට තියෙන ගණිත ගැටළුවක photo එකක් upload කරල, එ් ගණිත ගැටළුව විසදගන්න. සංකීර්ණ ගණිත ගැටළු නම් නම් විසදන්න මේ app එකට බැහැ. නමුත් සාමාන්‍ය ගණිත ගැටළු මේකෙන් විසදගන්න පුළුවන්. ඒ වගේම ගැටළුව විසදන පියවර ටිකත් මේකෙන් අපිට ලැබෙනවා.
https://play.google.com/store/apps/details?id=com.google.socratic


YourHour

තමන් smart phone එකට හොඳටම ඇබ්බැහි වෙලා නම් මේ app එක අනිවාර්යෙන් download කරගන්න.මේ app එකෙන්, ඔයාට බලන්න පුළුවන් ඔයා phone එකේ වෙනත් apps කොච්චර වෙලාවක් භාවිතා කරල තියෙනවද කියලා. මේ app එකේ වැදගත්ම දේ තමා එක එක ඇප් එකට භාවිතා කරන්න පුළුවන් උපරම time එකක් set කරන්නත්... උදාහරණයකට Facebook වලට පැයක්. PUBG වලට විනාඩි 40ක්. WhatsApp එකට පැයක් වගේ set කරන්න පුළුවන්. තමන්ගෙ phone භාවිතය වැඩී කියල හිතෙන අයට ගොඩක් වටිවී මේ App  එක.
https://play.google.com/store/apps/details?id=com.mindefy.phoneaddiction.mobilepe


Office lens / Cam scanner

මේ apps දෙකෙන් ඕන එකකින් පුලුවන් මොකක් හරි document එකක් scan කරල ඒක pdf කරගන්න. මේ කාලෙ ගොඩක් වෙලාවට assignment එහෙම submit කරන්න ඇතිනෙ. ඉතින් ඒ වගේ වෙලාවල් වලට .pdf කරගන්න තියෙන ලේසිම apps දෙක තමයි මේ...
Office lens - https://play.google.com/store/apps/details?id=com.microsoft.office.officelens
Cam scanner - https://play.google.com/store/apps/details?id=com.intsig.camscanner


All Formulas

මේකෙන් විද්‍යාවේ, ගණිතයේ තියෙන හැම සමීකරණයක් වගේම තියෙනවා. ඉතින් සමීකරණ අමතක වෙනවා නම් මේ app එක වටිනවා. පරන note පොත් පෙරල පෙරල ඉන්න වෙලේ මේකෙන් බලන එක කොච්චර පහසුද? https://play.google.com/store/apps/details?id=com.theanilpaudel.allformulas


Every circuit / Circuit solver

මේ apps නම් electrical වැඩ වලට තමයි අවශ්‍ය වෙන්නෙ. මේ Apps වලින් තමන්ට අවශ්‍ය circuit එක නිර්මාණය කරගෙන තැනින් තැනට අවශ්‍ය voltages, current, power consumption වගේ දේවල් බලාගන්න. ඒ වගේම current / voltages වල ප්‍රස්තාර උනත් ඔයාලට මේකෙන් බලාගන්න පුළුවන්. සරලවම මේ apps වලින් ඔයාට circuit එකක් visualize කරගන්න පුලුවන්.
Every circuit - https://play.google.com/store/apps/details?id=com.everycircuit.free
Circuit solver -https://play.google.com/store/apps/details?id=summersedge23.com.circuitbreaker.lite


Teach me anatomy

මේ app එක වැදගත් වෙන්නෙ medicine ඉගෙන ගන්න අයට. ඔයාල ඉගෙන ගන්න දේවල් notes book වල තිබ්බට යන හැමතැනම අපිට ඕව අරං යන්න බැහැනේ... ඒ වගේම anatomy කියන්නෙ විශාල විශය පරාසයක්. ඉතින් මේ app එකෙන් අපිට හොඳ රූපත් එක්කම පැහැදිලි note එකක් ගන්න පුළුවන්. අවශ්‍ය දේවල් ඔක්කොම සාරාංශගත කරල තියෙනවා.
https://play.google.com/store/apps/details?id=com.atomengineapps.teachmeanatomy

Forest

මේ app එකෙන් ඔයාට පාඩම් කරන්න timing තියාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් විනාඩි 25කට වගේ තියාගත්තම මේ app එකෙන් ගහක් හැදෙන්න ගන්නවා. ඔයා අතරමැද්දෙ phone එක ගත්තොත් ගහ මැරෙනව. මේක හරියට game එකක් වගේ. තමන් Interval එකක් ගද්දිත් ඒකත් මේකෙ set කරන්න පුළුවන්. ඔයා ඕනෑවට වඩා Interval එකක් ගත්තොත් ඒත් ගහ මැරෙනව. බෝරිං කියල හිතුනට මම කියනවට මේ app එක download කරල බලන්න.
https://play.google.com/store/apps/details?id=cc.forestapp


Anki app

මේ app එකෙන් පුළුවන් flash cards හදන්න. ඒ කියන්නෙ ඔයාට පුළුවන් ප්‍රශ්න හදල ඒවට උත්තර දාගන්න. ඔයා නිකං ඉන්න වෙලේක ඒ ප්‍රශ්න වලට තනියම උත්තර දීල උත්තර හරිද බලාගන්න පුළුවන්. ඒ වගේම ඔයා වැඩියෙන් මොන කොටස්ද කරන්න ඕන වගේ දේවල් උනත් මේකෙන් හදන්න පුළුවන්.
https://play.google.com/store/apps/details?id=com.ichi2.anki


Google Translater

මේ app එකෙන් ජේද පිටින් translate කරගන්න පුළුවන්. සිංහලෙන් translate උනත් හොඳ මට්ටමක තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම phone එකේ තියෙන එක වටිනවා. (මේ app එකෙන් තව ගොඩාක් දේවල් කරගන්න පුළුවන් .) https://play.google.com/store/apps/details?id=com.google.android.apps.translate


Desmos

මේ app එකෙන් පුළුවන් ඔයාලට ප්‍රස්තාර ඇදගන්න. ලොකු ලොකු ප්‍රස්තාර ඇදගන්න එහෙම ලේසිම app එකක් තමයි මේක. ප්‍රස්තාර කැපෙන තැන්, උපරිම අවම තැන් වගේ විස්තර ගොඩක් මේකෙන් ගන්නත් පුළුවන්. Try කරල බලන්න.
https://play.google.com/store/apps/details?id=com.desmos.calculator