පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් සදහා වැදගත් වන වෙබ් අඩවි

Articles Aug 8, 2020

විශ්ව විද්‍යාල / පාසල් ශිෂ්‍යයෙක් අනිවාර්යෙන් දැනගෙන සිටිය යුතු Websites ටිකක් ගැන තමයි මේ කියන්න යන්නෙ. ඔයාලගෙ වැඩ ගොඩක් පහසු කරගන්න පුලුවන් වේවි කියල හිතනවා මේ ලිපිය අවසානයේදි.

මේ Websites වල විශේෂත්වය තමයි නොමිලේ එහි සේවාවන් භාවිතා කරන්න පුළුවන්.

www.grammarly.com

මේ web sites ඔයාලට පුලුවන් ඔයාල මොකක් හරි ලියපු දේක grammar චෙක් කරගන්න. Assignment වල එහෙම grammar ටික හරිද බලන්න ඕන නම් කෙලින්ම මේ වෙබ් අඩවියට ගිහින් paste කරා නම් ඔයාගෙ වැරදි ටිකයි, වෙනස් වෙන්න ඕන විදිහයි මේ Websites වලන් හොයල දෙනවා. කාගෙන්වත් උදව් ඉල්ලන්න ඕන නෑ.

www.desmos.com

Maths, Bio, Engineering, Medicine වගේ අයට ගොඩක් වැදගත් වේවි. සමීකරනයක් දුන්නම ඒකට ඕන ප්‍රස්තාරෙ ගහගන්න එක ටිකක් වෙලා යන වැඩක්. සමහර ඒවගෙ හැඩය කොයි වගේද කියලවත් අපිට හොයාගන්න බෑනෙ. මේ වෙබ් අඩවියෙන් ඔයා දෙන සමීකරනෙකට අදාලව ප්‍රස්තාරෙ ඇදල දෙනව අපිට. ප්‍රස්තාර ඕන ගානක් එකම තලයේ ඇදගන්න පුලුවන්. max, min ඔය වගේ function ටිකකුත් තියෙනව දන්න අයට පුලුවන් ඒවත් භාවිතා කරන්න. මේ වෙබ් අඩවියට ගියාම දකුනු පැත්තෙ උඩම ඇති graph කියල එතනින් තමයි ඔයාල ප්‍රස්තාර ඇද ගන්න යන්න ඕන.

එහෙමම පහල ඇති calculator කියලත්. හදිස්සියෙ ඔයාට කැල් එකක් ඕන නම් (scientific) මේ කැල් එක භාවිත කරන්න පුලුවන්.

www.sleepyti.me

මේකත් හරිම interesting වෙබ් අඩවියක් ඒ වගේම සරලයි. මේකට ගියාම ඔයාට දෙන්න පුලුවන් ඔයාට හෙට නැගිටින්න ඕන කියල හිතෙන වෙලාව. ඊට පස්සෙ මේ වෙබ් අඩවියෙන් ඔයාට වෙලාවන් හතරක් යෝජනා කරයි මේ වෙලාවන් වලදි නින්දට යන්න කියන්න. ජීව විද්‍යාවේ අපි ගැඹුරු නින්දකින් අවදිවෙන අවස්තා සලකල තමයි ඔය වෙලාවන් ගනනය කරන්නෙ. ඇත්තටම ඒ වැඩේ හරි යනව. ගානට පහුවදා ඒ වෙලාවට බෙල් එක වදිද්දි අපහසුවක්, කම්මැලිකමක් නැතුව ඔයාට නැගිටගන්න පුලුවන් වෙයි.

www.wolframalpha.com

වෙබ් අඩවි ඔක්කොගෙන්ම අපිට වටිනම වෙබ් අඩවිය තමයි මේක. මේ වෙබ් අඩවියෙ ඔයාට ඕනම විෂය සම්බන්ධ ගැටලුවක් search කරන්න පුලුවන්. (ගාන පිටින්ම copy & paste කරන්න.) ඊට පස්සෙ ඔයාට ඒ ගාන හදන හැටි පියවරෙන් පියවර තියරිත් එක්ක ලැබේවි. මොකක් හරි ගානකට ප්‍රතිපලයක් ආවෙ නැත්නම් ඒ ගාන සම්බන්ධ පාඩමේ නම search කරන්න. එතනින් ඔයාට පහසුවෙන් තේරුම් අරං ගාන හදන්න පුලුවන් වේවි. උදාහරනයක් හැටියට මම "Mathematical induction" කියල search කරොත් ඔයාට ඒකෙ සිද්ධාන්ත ටිකයි, උදාහරණ ටිකකුයි බලාගන්න ලැබෙයි. තනියම ඉගෙනගද්දි ගොඩක් වැදගත් මේ වෙබ් අඩවිය.

www.hackerrank.com

Programming කරන හා ඉගෙන ගන්න කැමති අය මේ වෙබ් අඩවියේ developer account එකක් හදාගන්න. ඔයා මොකුත්ම දන්නෙ නැති උනත් ඔයාට tutorial ගොඩාක් නොමිලේ ගන්න ලැබේවි. තනියම programming ඉගෙන ගන්න සහ දන්න අයට තමන්ගෙ දැනුම වැඩි කරගන්න කියාපු වෙබ් අඩවියක්. ඒ වගේ ඔයාට programming competition එකක් උනත් ඔයාගෙ යාලුවෝ අතරේ තියන්න පුලුවන් මේ වෙබ් අඩවියෙන්. අනිවාරෙන් ගිහින් බලන්න උනන්දුවක් තියෙන අය.

www.smallpdf.com

මේ වෙබ් අඩවියෙන් ඔයාට පුලුවන් ඔයාගෙ පරිගනකයේ තියෙන photos එකතු කරල pdf එකක් හදාගන්න. ගොඩක් වෙලාවට Academic වැඩවලට අපිට ඕනෙ වෙනවනෙ assignment එකක උත්තර ලියපු කොල ටික එක pdf එකකට දාගන්න. ඉතින් මේ වෙබ් අඩවියෙන් ඒ වැඩේ කරගන්න පුලුවන්. ඒ වගේම pdf එකේ සයිස් එක වැඩි නම් ඒක අඩු කරගන්නත් මේ වෙබ් අඩවියෙන් පුලුවන්. අනිවාරෙන් අත්‍යාවශ්‍යම දෙයක්නෙ ඒක. ඉල්ලන size එකට අපේ file එක තියාගන්න එක.

www.savefrom.net / www.clipconverter.cc

ඔය වෙබ් අඩවි දෙකෙන් ඕනම එකකින් ඔයාට පුලුවන් youtube videos ඩවුන්ලෝඩ් කරගන්න. අදාල video එකේ link එක copy කරලා paste කරාම ඔයාලට කැමති Quality එකකින් ඒ වීඩියෝව download කරගන්න පුලුවන්. ගොඩක් වෙලාවට අපිට නොතේරුන දෙයක් අපි හොයන්නෙ youtube එකේනෙ. ඉතින් ආයෙ ආයෙ බලන්න නම් download කරගන්න එක වටිනවා.

Tags

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.