Verisign නැවතත් .COM ‌ඩොමේන් වල මිල ඉහළ දමයි.

News Aug 24, 2021

පොදු මට්ටමේ gtld වසම් සියල්ලම පාහේ නියාමනයක් නොකර ඇති අතර ඒවායේ මිලගණන් වේගයෙන් ඉහල දමමින් පවතී. 2020 දී .org මිල ඉහල දැමීමට තීරණය කල අතර අවසානයේ මහජන විරෝධය හමුවේ ICANN වෙත එම තීරණය හකුලා දැමීමට සිදුවිය.
එහෙත් දැන් .COM හි මිල 7% කින් වසරකට වතාවකින් මිල වැඩිවේ. ICANN සදහා ඩොලර් මිලියන 20 ක් ගෙවීමට Verisign එකගතාවයකට එලබි ඇති අතර ‌මෙම මිළ වැඩිකිරීම හරහා මීලග වසර 10 ඇතුලත Verisign සිය ආදායම ඩොලර් මිලියන 800 කින් ඉහළ නංවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

.com හි මිල වැඩිවීම 2021 අගෝස්තු 31 න් පසුව සිදුවන අතර ඒ අනුව සෑම domain ‌registrar ආයතනයකම මිල 1$-1.5$ මිලකින් ඉහල දමනු ඇත. මෙය වසරින් වසර ඉහල යනු ඇත. අගෝස්තු 31ට පෙර ඔබගේ ‌ඩොමේන් වසර 10 සදහා Renew කිරීමට හැකියාව ඇත්නම් මෙම මිළ වැඩිකිරීම් ඔබට මගහැර දැමිය හැකිය. නැතිනම් ඔබගේ මුදල් ඉතිරිකිරීමට තවත් ක්‍රමයක් ලෙස Cloudflare Registrar වෙත ‌ඩොමේන් Transfer කල හැකිය. Cloudflare කිසිදු ලාභයක් නොගෙන ICANN මිළටම ‌ඩොමේන පවත්වාගන යයි.

Via: Verisign

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.