Virgin Galactic සාර්ථකව Richard Branson සමග අභ්‍යවකාශයට

Space Jul 11, 2021

Virgin Galactic හි නිර්මාතෘ රිචඩ් බ්‍රැන්සන් සහ ඔහුගේ සේවකයින් පිරිසක් අද දින අභ්‍යවකාශ ඉතිහාසයට නව පරිච්ජේදයක් එක් කරමින් මෙක්සිකෝවේ සිට Unity 22 මෙහෙයුම් ඒකකය මගින් අභ්‍යවකාශ ගත විය.

70 හැවිරිදි ව්‍යවසායකයකු වන බ්‍රැන්සන මේ සදහා දශකයක් තිස්සේ බලා සිටියේය. මෙම ගමන තුලින් අභ්‍යවකාශ සංචාරක කර්මාන්තය ආරම්භ වනු ඇත.

VSS Unity යන නමින් හදුන්වන යානය Virgin Galactic හි ද්විත්ව ගුවන්යානයේ බදට සම්බන්ද කර ඇති අතර එය ගුවන්ගත වී මිනිත්තු 50 කට පසුව VSS Unity ‌ඒකකය යානයෙන් ඉවත්කරනු ලැබීය. සම්පූර්ණ පියාසැරිය 80 KM වන අතර පියාසැරිය අවසානයේදී Virgin Galactic නිව් මෙක්සිකෝවට ගොඩබැසීමට නියමිතය.

කෙසේ උවත් මෙම දියත් කිරීම සදහා රිචඩ් බ්‍රැන්සන් සහබාගී විමට හේතුවක් වී ඇත්තේ තම ගුවන් ගමන්වල ආරක්ෂිත බව ලොවට පෙන්වීමයි. 2014 වසරේදී සමාගම සිදුකරන ලද අත්හදා බැලීමකදී නියමුවෙකු මිය ගොස් ව්‍යසනයක් ඇති විය. ජූනි 20 වන දින Amazon සමාගමේ නිර්මාතෘ වන ජෙෆ් බෙසෝස්ද තම පෞද්ගලික රොකට්ටුව මගින් අභ්‍යවකාශයට සංචාරයක් යාමට නියමිතය.

Unity මෙහෙයුම වේගයෙන් වර්ධනය වන අභ්‍යවකාශ සංචාරක වෙළඳපොළක් නිර්මාණය කිරීමට උත්සහ කරමින් ඇත. 2004 සිට මෙතෙක් ටිකට් 600 පමණ විකිණී ඇති අතර ඒ කිසිවෙකුත් මෙතෙක් අභ්‍යවකාශයට ගෙන ගොස් නැත. 2022 වසරේදී වාණිජ අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමට සමාගම තීරණය කර ඇත. එමෙන්ම දැනටමත් Elon Musk වැනි ව්‍යාපාරිකයින්ද මෙම කර්මාන්තයට ආයෝජනය කර ඇති අතර 2022 වන විට එම ව්‍යාපෘතිද දියත් කරනු ඇත.

ඇතැමුන් Virgin Galactic සත්‍ය වශයෙන්ම අභ්‍යවකාශ සීමාවට පියාසර නොකරන බවට චෝදනා කරමින් සිටින අතර ඔහුගේ තරගකරුවා වන ජෙෆ් බෙසොස් Virgin Galactic ව්‍යාපෘතියට සුභපතා ඇති අතර. රිචඩ් බ්‍රැන්සන් විසින් සුභ පතන ලද සියලුම දෙනාට සහ ඔහුගේ මිතුරා වන Elon Musk හට ස්තූති කරමින් Tweet කර ඇත.

Via : The Vege, CNN, Al Jazeera / Images : The Verge, Virgin Galactic, Nasa

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.