Vivo ඩ්‍රෝනයකට සමාන පියාසර කරවිය හැකි කැමරා පද්දතියක් සහිත ස්මාර්ට් දුරකතනයක් නිපදවයි.

News Jul 5, 2021

BBK සමූහයේ දැවැන්ත සන්නාමයක් වන විවෝ දුරකතනයෙන් වෙන් කර පියාසර කරවිය හැකි කැමරාවක් සහිත නවතම ජංගම දුරකතනයක් නිපදවමින් සිටියි. දුරකතනයෙන් කැමරා උපාංගය ඉවත් කෙ‌ාට පියාසර කරවා එහි දර්ශණ ජංගම දුරකතනයෙන් නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතී.

Images:Letsgodigital

මේ සදහා VIVO විසින් ලෝක බුද්ධිමය දේපල කාර්යාලයට ඉලෙක්ට්‍රොනික් උපාංගය සඳහා පේටන්ට් බලපත්‍රයක් අයදුම් කර තිබේ. මෙම දුරකතනය සාමාන්‍ය ස්මාර්ට් ජංගම දුරකතනයක් මෙන් පෙනෙන අතර මෙම මොඩියුලය උපාංගය තුළ සඟවා ඇත.

Images:Letsgodigital

උපාංගය තුල කැමරා දෙකක් අන්තර්ගතවන අතර ඒ මගින් විවිධ කෝණයන් භාවිත කරමින් පටිගත කිරීමේ හැකියාව ලැ‌බෙනු ඇත.

Images:Letsgodigital

පසුගිය කාලය තුල Vivo විසින් මෙවැනි විවිධ ව්‍යාපෘතීන් කිහිපයක්ම සදහාම පේටන්ට් ගොනු කල අතර මෙම ව්‍යාපෘතිය මගින් ජංගම දුරකතන ලෝකයේ විප්ලවීය වෙනසක් ඇති කිරීම ඔවුන්ගේ අරමුණයි.

Via: Let's GO Digital / Images : marketing-interactive

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.