Cloud VPS Server වල භාවිතයන් (All uses for VPS Server )

Articles Sep 5, 2019

Virtual Private Server (VPS) මගින් ව‍ෙබ් අඩවි හ‍ොස්ට් කිරීම ම‍ෙන්ම තවත් විශාල ප්‍රය‍ෝජනයන් රැසක් ලබා ගත හැකියි.vps සර්වරයකින් ලබා ගත හැකි සියලුම ප්‍රය‍ෝජන ගැන ම‍ෙම ලිපිය‍ෙන් ඔබට දැනගත හැකියි.

ව‍ෙබ් අඩවි හ‍ොස්ට් කිරීම සදහා

vps සර්වරයකින් බ‍ොහ‍ොද‍ෙන‍ෙක් ලබා ගන්නා ප්‍රය‍ෝජනය ල‍ෙස ම‍ෙය හදුන්වන්න පුලුවන්. සර්වරයට පාලන පුවරුවක් ස්ථාපනය කර ඔබග‍ේ ව‍ෙබ් අඩවි හ‍ොස්ට් කල හැකියි.

VPN එකක් නිර්මාණයට

ආරක්ෂිතව අන්තර්ජාලය‍ේ සැරිසැරීමට වීපීඑන් භාවිතා කිරීමට සිදුවනවා. බ‍ොහ‍ෝවිට ඔබට වීපීඑන් එකක් අවශ්‍ය වූ විට ඔබ කරන්න‍ේ අන්තර් ජාලය‍ෙන් ඒ හා සම්බන්ද VPN ය‍ෙදුමක් ලබා ගැනීමයි. එවැනි ය‍ෙදුම් වල ආරක්ෂාව දුර්වලයි. එයට විසදුමක් ල‍ෙස ඔබට vps එකක් මගින් vpn එකක් හදාග‍ෙන ආරක්ෂිතව අන්තර්ජාලය‍ේ සැරිසරන්න පුලුවන්.

රැහැන් රහිත සබදතා නිර්ම‍ාණයට

ඔබ ප‍ොදු සන්නිව‍ෙදන මාධ්‍යයක් භාවිතා කරන විට එය තවත් පිට ක‍ෙන‍ෙකුග‍ේ ග්‍රහණයට නතුවන්න පුලුවන්. උදාහරණයක් ල‍ෙස ඔබ දුරකතන ජාලයක් භාවිතා කරන විට එම පණිවිඩ වලට සමාගමට සවන් දිය හැකියි. ඔබ සමාජ ජාල අඩවියකින් පණිවිඩයක් යවනවනම් එය එම ව‍ෙබ් අඩවිය‍ේ Administrator වරුන්ටද අවශ්‍ය නම් එය නැරබිය හැකියි. ම‍ෙවැනි තත්ව මගහරවා ගුප්ත ක‍ේතනයක් මගින් ඔබම නිර්මාණය කරගත් ජාලයක් හරහා තවත් තැනකට පණිවිඩ යැවිය හැකියි.

Cloud Storage එකක් ල‍ෙස

ඔබග‍ේ ලිපිග‍‍ොනු ගබඩා කර ආරක්ෂිතව දත්ත තැම්පත් කිරීමට vps සර්වරයක් මගින් දත්ත ගබඩාවක් හදාගන්න පුලුවන්. උදාහරණයක් කිව්ව‍ොත් google Drive ආකාරය‍ේ.

VOIP ස‍ේවාවක් ල‍ෙස

ක‍ෙටි කාලයක් සදහා VOIP ස‍ේවයක් මගින් ඇමතුම් ලබා ගැනීමට . Vps සර්වරයට ය‍ෙදුමක් ස්ථාපනය කර ස‍ේවයක් නිපදවා ගත හැකියි.

ස්වයංක්‍රීය පාලනය සදහා/BOT

ඔබට Gaming හ‍ෝ සමාජ ජාල සදහා BOT පරිශීලකය‍ෙක් නිර්මාණය කිරීමට . ඔබග‍ේ මිතුරන් සමග ඔබ ම‍ෙන් චැට් කිරීමට ස්වයංක්‍රීය BOT ධාවනයක් නිපදවා ගත හැකියි. එම‍ෙන්ම PTC ව‍ෙබ් අඩවි වැනි ස‍ේවාවල දැන්වීම් ක්ලික් කිරීම වැනිද‍ේද සිදුකිරීම ඔබග‍ේ BOT සගයාට සිදුකර හැකියි.

Reseller Host ස‍ේවයක් ල‍ෙස

ඔබට ඔබග‍ේ සර්වරය‍ේ ඉඩ ප්‍රමාණයන් ව‍ෙනත් ක‍ෙන‍ෙකුග‍ේ ව‍ෙබ් අඩවි සදහා වාසිදායක මුදලකට විකුණන්න පුලුවන්.

Iot Management සදහා

ඔබග‍ේ විදුලි උපාංග , ස්මාර්ට් උපාංග දුරස්ථව ස්මාර්ට් උපාංගයකින් පාලනයට , ආරක්ෂිත උපාංග මගින් දත්ත ලබා ගැනීම වැනි කාර්යයන්ට අවශ්‍ය පද්දති නිපදවා ගැනීමට VPS භාවිතා වනවා.

ව්‍යාපාර කළමණාකරණයට

ඔබට විවිධ ස්ථාන කිහිපයක ව්‍යාපාර ආයතන තිබ‍ෙනවානම් ඒ ව්‍යාපාරයන්හි අල‍ෙවි කිරීම්, POS , ස‍ේවකයින් කළමණාකරණය, ස‍ේවකයින් ස‍ේවයට වාර්ථාකිරීම් සදහා සවිකර ඇති උපකරණවල දත්ත සජීවීව ඔබට ලබා ගැනීමට VPS මගින් ව්‍යාපෘතිකළමණා කරන ම‍ෙවලම් ස්ථාපනය කර එම ස‍ේවාවක් පහසුව‍ෙන් නිර්මාණය කරගත හැකියි.

සමමුහුර්ත ස‍ේවා (Sync)/Torrent

ඔබ හ‍ොදින්ම දන්න ට‍ොර‍‍ෙන්ට් ස‍ේවා ක්‍රියාත්මක වන්න‍ේත් ම‍ෙවැනි සර්වරයකින්.එම‍ෙන්ම DropBox වැනි සමමුහුර්ත ස‍ේවාවන් ක්‍රියාත්මක කිරීමද ඔබට කල හැකියි. නමුත් Dropbox වැනි ස‍ේවාවන්ග‍ේ දත්ත තුන්වන පාර්ශවයකට නතුවීම‍ෙ ඉඩකඩ වැඩියි. එනිසා vps සර්වරයක් මගින් ඔබටම ප‍ෞද්ගලිකව සමමුහුර්ත (Sync ) ස‍ේවාවක් හ‍ෝ ට‍ොර‍ෙන්ට් ස‍ේවාවක් නිපදවා ගත හැකියි.

විශ්ල‍ේශණ ධාවනයට / Run Private Analytics

ඔබග‍ේ අන්තර්ජාල පිටු, ව්‍යාපාර ආදිය‍ේ දත්ත විශ්ල‍ේශණය සදහා ප‍ොදු ස‍ේවයක් භාවිතා කිරීම ව‍ෙනුවට ඔබටම විශ්ල‍ේෂණ ස‍ේවයක් නිපදවා ගත හැක. එමගින් ඔබව තත්‍ය කාලීන දත්ත , ලුහුබදින්නන්, සිතියම් ආදිය නිවැරදිව විශ්ල‍ේශණය කරන්න‍ෙකු පයිතන් වැනි භාෂාවක් ය‍ොදාග‍ෙන ග‍ොඩ නැගිය හැක.

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.