අප භාවිතා කරන සෑම පරිගණකයකටම , ජංගම දුරකතනයකටම අනන්‍යවූ මැක් ලිපිනයක් තිබෙනවා. අපි දැන් හදුනාගනිමු එහි ක්‍රියාකාරීත්වය ගැන.
MAC ලිපිනය යනු කුමක්ද?
MAC යනු , ''Media Access Control '' එනම් මාධ්‍ය ප්‍රවේශ පාලනයයි.ජාල අතුරු මුහුණත් හදුනා ගැනීම සදහා මෙම ලිපිනය උපකාරීවනවා. පරිගණකයට මැක් ලිපිනයක් පවරනු ලබන්නේ උපාගයේ Network Interface Controller (NIC) නිශ්පාදනය කරන අවස්තාවෙමයි. පරිගණකයේ දෘඩාංග තුල මෙය පරිපථයක් විදිහට ස්ථාපනය කර තිබෙනවා.මෙහි අරමුණ වෙන්නේ. අන්තර්ජාලයට සම්බන්ද වන අවස්ථාවේදී Address Resolution Protocol , Address Resolution Protocol ,Neighbor Discovery Protocol යන ලිපින සදහා හැදුනුම් පතක් විදිහට මේ මැක්ලිපිනය ක්‍රියා කරනවා. වෙනත් පරිගණකයක හො දුරකතනයක IP ලිපිනය පරික්ෂා කරනකොට අදාල උපාංගයේ වර්ගය , මෙහෙයුම් පද්දතිය වගේ දේවල් එහෙමත් වෙනත් කෙනෙකුට දැනගන්න පුලුවන් වෙන්නේ මැක් ලිපිනය නිසා.

MAC ලිපිනය අංක තුනකින් සමන්විතයි නම් ඒවා අන්තර්ජාතික නීතිවලටඅනුව පාලනය වනවා. විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ආයතනය (IEEE) විසින් මෙම නීතිමය තත්වය හා පාලනය කිරීම සිදුවනවා.
MAC ලිපිනයකට උදාහරණයක් වන්නේ 30-65-EC-6F-C4-58
සමහර පරිගණක නිශ්පාදකයින් විසින් ඔවුන් සදහාම අනන්‍යවූ මැක් ලිපින භාවිතා කරනවා.එහෙම නිශ්පාදකයා අනන්‍ය ලෙස භාවිතා කරන ලිපිනයක් Organizationally Unique Identifier එහෙමත් නැතිනම් (OUI) එකක් ලෙස හදුන්වනවා.
සමහර සමාගම්වල OUIs
- Dell: 00-14-22,
- Cisco: 00-40-96
- Nortel: 00-04-DC
මැක් ලිපින වල අරමුණ
නාදුනන පරිගණකයක් පෞද්ගලික ජාලයකට ඇතුලු උනොත් මැක් ලිපිනය මගින් ඒ ගැන හදුනාගැනීමේ හැකියාව මේ හරහා ලැබෙනවා.ඒ වගේම අදාල මැක් ලිපින පමණක් තෝරා රවුටරයක් සදහා ලබාදුන්විට අනවසර පරිගණකවලට එම ජාලයට පිවිසීමටත් නොහැකි වනවා.එමෙන්ම ජාලයට සම්බන්ද උපාංගවල IP ලිපිනය යමෙක් vpn එකක් මගින් වෙනස් කිරීම සිදුකරත් මැක් ලිපිනය මගින් එම උපකරණ වල අනන්‍යතාවය හදුනා ගැනීමේ හැකියාව තිබෙනවා.
මැක් ලිපිනය මගින් උපාංගවල භූගෝලීය පිහිටීම පැහැදිලිව හදුනාගත හැකියි.
එමෙන්ම හොරකම් කරන ලද ජංගම දුරකන ආදියෙහි සිම්පත් ආදිය වෙනස් කිරීම සිදු කරත් එම උපකරණය තිබෙන ස්ථානය ආදිය පහසුවෙන් හදුනාගැනීමට මේ හරහා හැකියාව ලැබෙනවා.ඒ වගේම පරිගණකවල නැතිවීගිය දත්ත Recovery කිරීම සදහාත් ඇතැම්විට මැක් ලිපිනය අත්‍යාවශ්‍යයි.

යම් උපකරණයක මැක් ලිපිනය මගින් එහි විස්තර දැනගැනීමට ඔබට එම උපකරණයේ මැක් ලිපිනය පරික්ෂා කිරීමට සිදුවනවා.
MAC ලිපිනය සොයා ගන්නේ කෙසේද?
Windows සදහා Open CMD (Command Prompt) => Type "ipconfig / all" Enter
මැක් පරිගණකයක Finder a Utilities or Command + Shift + u => Open Terminal app. => Type "networksetup –listallhardwareports"
Android Open your Settings.=> Scroll down to About Device.=> Find your MAC address. =>Find the Bluetooth MAC address.
iOS Open your Settings. =>Tap About.=> Find the Bluetooth MAC address.
Linux Open the terminal.=> Open the interface configuration.=> Find your MAC address.

මැක් ලිපිනයක් දැනගත් පසු එහි විස්තර Mac Address Lookup Tool එකක් මගින් වෙනත් අයෙකුට දැනගැනීමේ හැකියාව පවතී. නිශ්පාදකයා විසින් ලබාදී ඇති මැක් ලිපිනය තුන්වන පාර්ශවයකට වෙනස් කිරීම සිදුකල නොහැකිය.නමුත්, ඇමරිකා එක්සත් ජනපද ආරක්ශක ඒජන්සිය විසින් මැක් ලිපින යොදාගනිමින් ජනතාව ගමන්බිමන් යන ස්ථාන ගැන ඔත්තු බැලීම සිදුකරන බව හෙලිවීමත් සමග apple විසින් Random MAC addresses උපකරණ වලට පැවරීමේ තාක්ශණයක් භාවිතා කරනු ලබයි.