Pegasus Spyware ඔබගේ ජංගම දුරකතනයත් ආක්‍රමණය කරලද ?

News Jul 22, 2021

2019 සිට ඊශ්‍රායල හැකර්වරුන් පෙගසස් නම් අති නවීන ඔත්තු බැලීමේ මෘදුකාංගය භාවිතා කරමින් ඉන්දියාවේ මාධ්‍යවේදීන් හා සමාජ ක්‍රියාකාරීන් පිළිබදව ඔත්තු බැලීම සිදුකර ඇත. මෙය තොරතුරු සොරකම් කල හැකි අතිශය බලවත් ජංගම දුරකතන Spyware එකකි. මෙම ලිපියෙන් පෙගසස් ඔත්තු මෘදුකාංග යනු කුමක්ද, එය කරන්නේ කුමක්ද, එය ඔබට බලපාන්නේ කෙසේද සහ තවත් බොහෝ දේ ගැන කතා කරනු ඇත.

Pegasus Spyware යනු කුමක්ද?

පොදුවේ Spyware මෘදුකාංග යනු අනිෂ්ට මෘදුකාංගයක් වන අතර එය ප්‍රහාරකයන්ට විවිධ උපාංගවලට ඇතුළු වීමට සහ ඔවුන්ගෙන් තොරතුරු සොරකම් කිරීමට උපකාරී වේ. ඒ මගින් පුද්ගලික ලිපිගොනු, බැංකු ගිණුම් විස්තර, මුරපද, චැට්  සහ තවත් බොහෝ දේ ඔබගේ ජංගම දුරකතනයකින් හැකර්වරුන්ට ලබාගත හැකිය. බොහෝවිට  පරිශීලකයා අතින්ම මෙම ස්පයිවෙයාර් මෘදුකාංග උපාංගවලට එකතු කරගනු ලබයි.

NSO Group නැමැති ඊශ්රායල සමාගමක් විසින් නිපදවන ලද පෙගසස් මෘදුකාංගය ලොව පුරා රජයන් හට ඔත්තු බැලීම් සේවා සැපයීම සිදුකර ඇත. මෙහි අරමුණ වී ඇත්තේ සැක සහිත පුද්ගලයින් පිළිබදව ඔත්තු බැලීමේ සේවාවන් ලබාදීමයි. කෙසේ වෙතත් දැන් හෙලිවී ඇත්තේ ලොව පුරා රජයන් වරෙන්තු නොමැතිවම මෙම මෘදුකාංගය මගින් පුද්ගලයින්ගේ ඔත්තු බලා ඇති බවයි.

පෙගසස් ආසාදිත උපාංගවල දත්ත රජයන් සදහා ඔත්තු සපයයි.

පෙගසස් ඔබේ දුරකථනයට ආසාදනය කරන්නේ කෙසේද?

මෙම මෘදුකාංගය උපාංගවලට ඇතුලුවීමට විවිධ ක්‍රමවේදයන් භාවිතා කර ඇත. compromised website link මත පුද්ගලයා රවටා ක්ලික් කරවීමට සැලැස්වීම. WhatsApp හී zero-day vulnerabilities හි දුර්වලතා උපයෝගී කරගනිමින් උපාංගයට ඇතුලුවීම සිදුකර ඇත.

IOS හි iMessage මත ඇතිවන zero-day vulnerabilities උපයෝගී කරගනිමින් IOS උපාංග වලත් ඔත්තු බැලීම් සිදුකර ඇත.

පෙගසස් ඉලක්ක කරන්නේ කුමන දත්තද?

මෙම Spyware හී දරුණු බව කොතරම්ද කිවහොත් එහි මුරපදයේ සිට සියලුම දත්ත හා දුරකතනයේ පාලනය තමා යටතට ගැනීමට හැකියාවක් ඇත. හුදෙක්ම දුරකතනයේ පරිශීලකයාට පවා කල න‌ොහැකි දේ Pegasus හට සිදුකල හැකි බව පැවසේ.

  • ඇමතුම් නිරීක්ෂණය කිරීම සහ පටිගත කිරීම.
  • ඔබගේ සම්පූර්ණ Contact ලයිස්තුව Clone කිරීම.
  • ඔබගේ සම්පූර්ණ ඡායාරූප ගැලරිය Copy කිරීම.
  • ඔබගේ උපාංගයේ මයික්‍රෆෝනය සහ කැමරාව සක්‍රිය කර ඕනෑම තැනක සිට ඔබගේ සංවාද පටිගත කිරීම.

‌මෙමගින් සිදුවන දත්තවල හානිය ඉතාමත් අතිමහත් ය.  පෙගසස් ඔත්තු මෘදුකාංග ප්‍රහාරවල ප්‍රධාන ඉලක්ක වන්නේ I Phone සහ Android උපාංගයි. එමෙන්ම කිසිදු නූතන යාවත්කාලීනයක් නොමැති බ්ලැක්බෙරි උපාංගවලත් මෙම මෘදුකාංගය පහසුවෙන් ධාවනය වේ. පෙගසස් ‌වෛරසයෙන් වැඩියෙන්ම ආරක්ෂාවිය යුත්තේ සමාජ ජාලවල ජනමාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරීන්, මානව හිමිකම් වැනිදේ වෙනුවෙන් පෙනී සිටින අය සහ ජනප්‍රිය පුද්ගලයින්ය.

පෙගසස් මගේ උපාංගයට ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කරන්නේ කෙසේද?

මෙම මෘදුකාංගය සදහා ස්ථීර විසදුමක් තවමත් සොයාගන නොමැති අතර Amnesty International හි පර්යේෂකයින් පිරිසක් Scan කිරීමට  Toolkit එකක් පරිශීලකයන් වෙත සපයා ඇත. අවශ්‍ය අයට එහි Codes, Github වෙතින් බාගත කර ගැනීමේ හැකියාව පවතී.  එය සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර 100% සාර්ථකත්වයක් එහි දක්නට නොමැත.

පෙගසස් ඔබගේ දුරකතනයෙන් ඉවත් කරන්නේ කෙසේද?

මෙම වෛරසය උපාංගයකට ඇතුල් වූ පසු එහි Factory Reset කිරීම සිදු කලත් මෙම භයානක වෛරසය ඉවත් නොවී යයි. security experts පවසන පරිදි මෙම ‌‌වෛරසයේ තර්ජනයට ලක්වූ අයට ඇති එකම විසදුම එම දුරකතනය ඉවත්කර වෙනත් එකක් මිලදී ගැනීමයි.

මෙම වෛරසයෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද?

1.ඔබගේ දුරකතනය හා යෙදුම් යාවත්කාලීන කර තබන්න.

ඔබ භාවිතා කරන්නේ කුමන වර්ගයක උපාංගයක් උවත් එය නිරන්තරයෙන් ආයතනය සපයන අවසාන යාවත්කාලීන කිරීමේ තබන්න.

2. WhatsApp වැනි යෙදුම් භාවිතයෙන් වැලකෙන්න.

කිසිදු පෞද්ගලිකත්වයක් නොමැති WhatsApp, Imo, Viber වැනි යෙදුම් භාවිතයට බොහෝ ලාංකිකයින් හුරුවී සිටියි. මෙමගින් ‌බොහෝ දත්ත කාන්දුවීම් වලට මග පාදයි. මෙවැනි Messenger සේවාවන් වෙනුවට ‌පෞද්ගලිකත්වය හා ආරක්ෂාව ඉහලින්ම ඇති Signal වැනි යෙදුම් භාවිතා කල හැකිය.

WhatsApp වෙනුවට භාවිතා කලහැකි හොදම ආදේශක
Facebook සමාගම සතු WhatsApp යෙදුම ලොව වැඩිම පිරිසක් භාවිතාකරන පණිවිඩ යෙදුම වේ.නිරතුරුවම නව යාවත්කාලීන කිරීම් පරිශීලකයන්ට ලබාදෙන WhatsApp සදහා ශ්

3.Antimalware / Antivirus මෘදුකාංග භාවිතා කරන්න

නොමිලේ ලැබෙන ඒවා වෙනුවට යම්කිසි මුදලක් ගෙවා Antimalware/ Antivirus Software එකක් මිලදී ගන්න.

4.නොදන්නා සබැඳි වලින් ප්‍රවේශම් වන්න

පෙගසස් ඔබේ දුරකථනයෙන් සොයා ගත හැකි ප්‍රධාන ක්‍රමයක් වන්නේ සම්මුති විරහිත වෙබ් අඩවි සම්බන්ධතාවයක් හරහා ය . එනම් නාදුනන Links හරහාය එනිසා මිතුරන්ගෙන් ලැබෙන එවැනි Links වෙත පිවිසීමෙන් වලකින්න.

5.Monitor App Permissions

පෙගසස් ඔත්තු මෘදුකාංගය වට්ස්ඇප්, Gmail , ඉන්ස්ටග්‍රෑම් සහ තවත් ඕනෑම යෙදුමක් තුළින් පැමිණිය හැකිය. එනිසා යෙදුම් සදහා ලබාදී ඇති අනවශ්‍ය අවසරයන් Disable කර තබන්න.

මෙම Pegasus Spyware වෙත නතුවූ ජංගම දුරකතන පිළිබදව මේ මොහොතේ අපේ රටෙන් වාර්ථා නොවූවත් එවැනි වෛරස වලට නතු නොවී සිටීම සැමගේ වගකීමකි. මෙමගින් රටේ සංවේදී තොරතුරු වෙනත් රටවල්වල රජයන් වෙත නතු වීමේ හැකියාවක් ඇති නිසා මෙය සමස්ත ජාතික ආරක්ෂාවට බලපෑමක් නොවීමට පුරවැසියන් කටයුතු කල යුතුය.

Via : Beebom / Images : independenteagle,iltuoiphone,potatotech

Tags

Madusanka Ranathunga

Along with Banz Staff

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.