WhatsApp භාවිතා කරන්නන්ගේ දුරකතන අංක හා දත්ත Google සෙවුම් වෙත නිරාවරණය වෙයි.

News Jan 17, 2021

නව පෞද්ගලිකත්ව කොන්දේසි ඉදිරිපත් කිරීමත් සමග WhatsApp විශාල අර්බුදයක සිටින අවස්ථාවේදී මෙම දෝශය අනාවරණය වි තිබේ.මේ වන විට WhatsApp Web භාවිතා කරන්නන්ගේ පෞද්ගලික දුරකතන අංක රැසක් හා WhatsApp group Chat  ගූගල් සෙවුම් තුල Index වී ඇති බව අණාවරණය වී ඇත.

Image Via - Techviral

Covid - 19 නිසා බොහෝ නිවසේ සිට වැඩකරන්නන් හා ව්‍යාපාරිකයින් තමන්ගේ පරිගණකයේ සිට WhatsApp භාවිතා කරනු ලබයි. එවැනි පරිශීලක දුරකතන අංක දත්ත රැසක් දෝශයක් හේතුවෙන් දින කිහිපයක සිට google සෙවුම් ප්‍රතිථල මත දර්ශණය වේ. ස්වාධීන සයිබර් ආරක්ෂණ පර්යේෂක රාජ්ශේකර් රාජහාරියා විසින් මේ දෝශය පෙන්නුම් කරන screenshots කිහිපයක් IANS සමග බෙදාගනිමින් පැවසුවේ WhatsApp Web මගින් මෙම තොරතුරු Leak වන බවත් මේවා සියල්ල පෞද්ගලික දුරකතන අංක බවත්ය.‌

කෙසේවෙතත් Leak වූ GroupChat විස්තර මේ වන විට Google සෙවුම් වලින් ඉවත් කර ඇති නමුත් දුරකතන අංකයන් තවමත් හමුවන බව Rajshekhar Rajaharia සදහන් කරයි. WhatsApp සමාගමේ ප්‍රකාශකය‌ෙකු පැවසුවේ මෙම සෙවුම් දත්ත ඉවත් කිරීමට google වෙත දන්වා ඇති බවයි.පෞද්ගලිකව බෙදාගත යුතු WhatsApp Group Links ප්‍රසිද්දියේ වෙබ් අඩවිවල බෙදා නොගන්නා ලෙසත් ඔහු පරිශීලකයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ytimg.com

“Chat.whatsapp.com”  ලෙස Google සෙවීමෙන් පසු පසුගිය වසරේදී 470,000 ක් පමණ සෙවුම් ප්‍රතිථල තුල මෙවැනිම දෝශ ඇතුලත් විය.කෙසේ වෙතත් WhatsApp දත්ත දිගටම වෙනත් වෙබ් අඩවි සමග ඉදිරියේදී හුවමාරු වීමට නියමිත බව ඔවුන්ගේ පෞද්ගලිකත්ව කොන්දේසි මගින් හෙලි කරනු ලැබීය.

මෙවැනි වාතාවරණයක් තුල පරිශීලකයින් Signal හා Telegram වැනි යෙදුම්වලට මාරු වෙමින් සිටින අතර අධික තදබදය නිසා Signal සේවාදායක බිදවැටීම්ද වාර්තාවිය.

Via - MSN , Techviral

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.