Windows 10 සදහා ලබාදී ඇති touch keyboard එක සදහා වෙනස්කම්  රුසක් සමග voice typing පහසුකම ලබාදීමට Microsoft සමාගම තීරණය කර ඇත. නවය්‍යකරණය වූ යතුරු පුවරුව සදහා GIFs, emoji සමග voice typing පහසුකම ලබාදීමට එම සමාගම තීරණය කර ඇත.

‌මෙය Windows 10X සදහා WonderBar යන නමින් ලබාදෙන අතර යතුරු පුවරුවේ space bar  සදහා cursor ගෙනයාමේ හැකියාව ලබාදී ඇත.Space bar තුල ඇඟිල්ලක් තබා වමට, දකුණට, ඉහළට සහ පහළට සැරිසැරීමේ හැකියාව මේ තුලින් හැකියාව තිබේ.මෙය IOS ක්‍රියාකාරීත්වයට සමානවේ.

යතුරු පුවරුව හා ඉමෝජි වැඩි දියුණු කිරීමෙන් පසු මේ සදහා voice typing පහසුකමද ලබාදී ඇත.එය ස්වයංක්‍රීය විරාම ලකුණු සමගින් නවීන තාක්ෂණයෙන් පරිශීලකයන්ට ලබාදීමට නියමිතව ඇත.

මෙය මේ සතිය තුල Windows 10 සමග ලබාදී ඇති අතර මෙය පරිශීලකයින්ට යාවත්කාලීන කිරීමක් ලෙස 2021 මුල් මාස කිහිපය තුලදී ලබා දී ඇත.

Via - Theverge,bleepingcomputer.com