Windows 11 වල Taskbar align එක වෙනස් කරනා ආකාරය

Tutorials Dec 9, 2021

Windows 11 Taskbar customizing පිලිබද ලියපු පලමු ලිපියයි මේ, ඉදිරියටත් Windows 11 Taskbar customizing පිලිබදව ලිපි කිහිපයක්ම ඔබ වෙත ගෙන ඒමට මම බලාපොරොත්තු වෙමි. මෙම ලිපියෙන් මම ඔබට කියාදෙන්නේ Windows 11හි Taskbar align එක වෙනස් කරගන්න හැටි. ඔබ දැනටමත් Windows 11 පරිශීලකයෙක් නම් ඔබ දැනටමත් දන්නවා Windows 11හි Taskbar එකේ align එක center කියලා (මැද), ඉතින් මේ ලිපියෙදි මම වැඩි අවදානයක් යොමු කරේ windows 10, windows 8 වල තිබුනා වගේ Windows 11 Taskbar එකේ align එක Left කරගන්න හැටි.


windows 10හි ඇති Taskbar එක

1 පියවර

පලමුව Windows 11හි Settings වෙත පිවිසෙන්න.

2 පියවර

ඉන්පසු Personalization කියන එක මත Click කර Personalization Menu එක වෙත පිවිසෙන්න.

3 පියවර

ඉන්පසු දකුණු පසින් ඇති Taskbar page එකට පිවිසෙන්න.

4 පියවර

ඉන්පසු Taskbar behaviors Setting එක වෙත පිවිසෙන්න.

5 පියවර

අවසාන පියවර ලෙස Taskbar alignment කියන තැනින් Left option එක තෝරගන්න, මෙන්න මේ විඩියට ඔයාට Left, Right, Center කියන option තුනම තෝරගන්න පුලුවන්.

Screenshot_1-1


ඔයා මේ පියවර අනුගමනය කරානම දැන් ඔයාගෙ Windows 11 Taskbar එකේ icons ටික වම් පැත්තේ තියෙන්න ඕනේ.

තවත් මේ වගේම Windows 11 Taskbar customizing පිලිබද ලිපියකින් අපි හමුවෙමු.

Via : Pure Info Tech / Images : Pure Info Tech, microsoft

Tags

Movindu Bandara

Proud To Be An Anandian ❤

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.