Windows 11 හි නව Microsoft Store එක දැන් Windows 10 පරීක්ෂකයින් සඳහා ලබා ගත හැකිය.

News Oct 27, 2021

Microsoft සමාගම Windows 10 භාවිතා කරන්නන් සඳහා Windows 11 හි නව Microsoft Store එක නිකුත් කිරීමටද ආසන්නයි. software maker විසින් මෙම නව app store එක Windows 10 පරීක්ෂකයින් වෙත නිකුත් කර ඇත. Windows 10 නොවැම්බර් 2021 Update එකේ අවසාන අනුවාදය සමඟින් මෙම නව app store එක Windows 10 භාවිතා කරන්නන්ට ලැබීමට නියමිතයි.

Preparing the Windows 10 November 2021 Update for Release
Hello Windows Insiders! We are preparing the Windows 10 November 2021 Update (Windows 10, version 21H2) for release. We believe that Build 19044.1288 is the final build for the November 2021 Update, and the ISO for this build

Update කරන ලද Store එක Windows 11 හි ඇති එකට සමාන වන අතර, win32 යෙදුම් සඳහා වැඩි ප්‍රවේශයක්, වඩාත් නවීන මෝස්තරයක් සහ මෑතකදී Microsoft හි Store එකට ඇතුළු වූ සියලුම නව Apps ලබා දෙයි. මෙම නව Microsoft Store එක පෙරට වඩා විවෘතව පවතින අතර, Epic Games Store third-party stores ලැයිස්තුගත කිරීමට ඉඩ ලබාදෙන බව ඔවුන් පවසයි.

Discord, Zoom, VLC, TeamViewer සහ Visual Studio Code ඇතුළු Apps විශාල ප්‍රමාණයක් අවසානයේ Microsoft Store එක වෙතපැමිණ ඇති බවඔවුන් නිවේදනය කරයි. ඕනෑම Browser එකක් දැන් storeඑකේ ලැයිස්තුගත කළ හැකි අතර මේ දක්වා Opera සහ Yandex Browser යන දෙක ලැයිස්තුගත කර ඇත.

ඔබට Windows 10 හි නව Microsoft Store එක පරීක්ෂා කිරීමට අවශ්‍ය නම්, ඔබ Release Preview Insider ring මත සිටිය යුතුය. ඉදිරි සතිවලදී සියලුම Windows 10 පරිශීලකයින් සඳහා නව Store එකේ Updatesපැමිණෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

Via: The Verge , Cover Image:punto-informatico

Tags

Movindu Bandara

Proud To Be An Anandian ❤

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.