Windows 11 වල Taskbar එකෙන් app ඉවත් කරගන්නා ආකාරය

Tutorials Dec 10, 2021

මීට පෙර Windows 11 Taskbar customizing පිලිබද ලියපු ලිපියත් කියවන්න ඇති කියලා මම හිතනවා, ඉතින් එදා මම කියපු විඩියට ඔන්න තවත් Windows 11 Taskbar customizing පිලිබද ලිපියක් මම ඔබ වෙත ගෙන ආවා. ඔයා Windows 11 පරිශීලකයෙක් නම් ඔයා දන්නවා Windows 11 අලුත් buttons හතරකුත් එක්ක කියලා, Search, Task View, Widgets, සහ Chat කියන්නේ ඒ buttons හතරයි. ඔයාට මේ features ඔනේ නැත්නම් ඔයා එවා භාවිතා කරන්නේ නැත්තනම් ඒව Taskbar එකෙන් ඉවත් කරගන්න ආකරය ගැන මේ ලිපියෙන් මම කියලා දෙන්නම්.


1 පියවර

පලමුව Settings වලට පිවිසෙන්න.

2 පියවර

ඉන්පසු Personalization මත Click කර Personalization page එක වෙත පිවිසෙන්න.

3 පියවර

ඉන්පසු දකුණු පැත්තේ තියෙන Taskbar page එකට පිවිසෙන්න.

4 පියවර

ඊටපස්සේ Taskbar items setting එකට යන්න.

5 පියවර

අවසාන වශයෙන් ඔයාව ඉවත් කිරීමට අවශ්‍ය buttons වලට අදාල toggle switch turn off කරලා ඔයාට ඉවත් කිරීමට අවශ්‍ය buttons ඉවත් කරගන්න.

remove-search-taskview-widgets-chat-taskbar


මේ පියවර වලින් පස්සේ ඔයාට ඉවත් කිරීමට අවශ්‍ය buttons ඉවත් උනත් මේ features disable උනේ නැ. ඔබට ඒවා අවශ්‍ය විට පහසුවෙන් access කිරීමට මෙම keyboard shortcut ටික මතක තබා ගන්න.

  • Search - Windows key + S
  • Task View - Windows key + Tab
  • Widgets - Windows key + W
  • Chat - Windows key + C

තවත් මේ වගේම Windows 11 Taskbar customizing පිලිබද ලිපියකින් අපි හමුවෙමු.

Via : Pure Info Tech / Images : Pure Info Tech

Tags

Movindu Bandara

Proud To Be An Anandian ❤

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.