Wordpress VS Ghost | Blogging වලට හොදම මොකක්ද ?

Articles May 22, 2020

අද වන විට බොලොග් කරනය සදහා වන වේදිකාවන් (platforms) විශාල ප්‍රමාණයක් නිකුත්වෙමින් පවතී.එම ලයිස්තුව ප්‍රමාණයෙන් විශාලය.ඒවාගේ තරගයද අධිකය.මෙම ලිපිය wordpress සහ Ghost ගැනය. wordpress බොලොග්කරණය සදහා නිර්මාණය උවත් එය ඊ-වානිජ වෙබ් අඩවි නිර්මාණය දක්වාම පැතිරී පවති අවශ්‍යනම් සමාජ ජාල වෙබ් අඩවියක් නිර්මාණය කිරීම දක්වාම එය භ‍ාවිතා කර හැක.කෙසේ උවත් wp සමග තරග කිරීමට ප්‍රභල තරගකරුවෙකු දැන් කරලියට පැමිණ ඇත.

Ghost

Ghost යනු විවෘත මූලාශ බොලොග් කරණ වේදිකාවක් වන අතර එය මූලික දැනීමක් නොමැති අයෙකුට පවා පහසුවෙන් භාවිත කර හැකි තත්වයක පවතී.2013 නොවැම්බර් මස John O’Nolan සිය ‍බොලොග් අඩවියේ නව බ්ලොග්කරණ වේදිකාවක් සඳහා අදහසක් පළ කළ අතර එය ‍බොලොග් කරණය සදහා පමණක් අවධානය යොමුකරණ බව පැවසීය.පසුව මෙම ලිපිය ගැන සමාජයේ විශාල කතාබහක් ඇතිවිය.නව CMS එකක අවශ්‍යතාවය බොහෝ දෙනෙකුට ඇතිවිය.

wp මෙන් සංකීර්ණ නොවන සරල පහසු ‍බොලොග් කරණය සදහා පමණක් වන ghost නිසා ‍බොහෝ ඩිජි‍ටල් ප්‍රකාශණ කටයුතු පහසුවිය.ghost නිපදවීම සදහා $190,000 ආධාර මෙම ව්‍යාපෘතියට හිමිවිය.2013 සැප්තැම්බර් 19 එය මුල්වරට නිකුත් විය.

ඔබ සඳහා හොඳම බ්ලොග්කරණ වේදිකාව ?

wordpress පුවරුව නවකයින් සදහා යම්කිසි චකිතයක් ඇතිකරවයි. පොස්ට් ලිවීම,සංස්කරණ පහසුවෙන් සිදුකර හැකිය. එහෙත් පාලන පුවරුව‍ෙ අපිරිසිදු බව නිසා එය Ghost වලට වඩා පසුබසිමින් සිටියි. ghost හි ඇති පාලන පුවරුව භ‍ාවිතය පහසුය සරලය නමුත් wordpress පාලන පුවරුව නම්‍යශීලි බවින් ඉහලය.

WordPress Dashbord
Ghost Dashboard

wordpress ඩවුන්ලෝඩ් කරගැනීම සදහා කිසිදු දත්තයක් ඔවුන් පරිශීලකයන්ගෙන් ලබාගැනීමක් නැත.නමුත් Ghost ලබාගැනීමට ලියාපදිංචි කිරීමක් අවශ්‍ය වේ.

wp නිර්මාණය කරඇත්තේ PHP මගින් නිසා load වීමට වැඩි කාලයක් ගතවේ.නමුත් ghost නිර්මාණය වන්නේ Node.js මගිනි ghost WordPress වලට වඩා වේගවත්ය එමෙන්ම load වීම ඉක්මන්ය.Ghost ඉල්ලීම් 19 ක් සදහා ප්‍රතිචාර දක්වන විට wp 1 එක් ඉල්ලීමක් සදහි පමණක් සහය දක්වයි.නමුත් wp සදහා ඇති plugin භාවිතා කර wordpress වෙබ් අඩවිවල වේගය ඉහල නංවාගත හැක.

සහය ලබාගැනීම අතරින් Ghost, wordpress වලට වඩා බොහෝ පසුබැස ඇත.wordpress වටා විශාල ප්‍රජාවක් සිටින අතර උදව් ලබා ගැනීම ඉතාවේගවත්ය.අන්තර්ජාලයේ wordpress සදහා දහස් ගණනක් සහය ලබා ගැනීමට වෙබ් අඩවි හා යූටියුබ් නාලිකාවන් ඇත.නමුත් ghost සදහා තවමත් අලුත් මෙවලමක් නිසා එයට අදාල දැනුම තවමත් සීමාවී ඇත.

Theme පිලිබදව කිවහොත් ghost හෝ wp සදහා ඇති තේමාවන්ගේ වැඩි වෙනසක් නැත.සියල්ලම අලංකාරය.නමුත් වෙළදපොල wordpress themes වැඩි ප්‍රමාණයක් පවතියි.

‍ghost blog සදහා පමණක්ම නිර්මාණය කර ඇතිනිසා බහුකාර්යය මෙහෙයුම් සදහා කේත වෙනස් කිරීම අපහසු කාර්යයක්.නමුත් wp සදහා සැකසුම් වෙනස් කිරීම ඉතා පහසුයි. code දැනීමක් නොමැති අයෙකුට උවත් wordpress සංස්කරණය කිරීම ඉතා පහසුයි. එමෙන්ම WordPress හි අන්තර්ගත කළමණාකරණය සියල්ලටම වඩා ඉහල මට්ටමක පවතියි.

නම්‍යශීලි බව අතින් WordPress ඉහල මට්ටමක සිටින අතර ඔබට ඕනෑම මට්ටමක වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සදහා plugins , themes දහස් ගණනක් ඔබට භාවිතා කල හැක.නමුත් Ghost බොල‍ොග්කරණීය අවශ්‍යතාවයෙන් ඉහලට යන්නේ නැත. එනම් wp යනු බහුආකෘතියක Cms එකක් ලෙස හැදින්විය හැකි අතර Ghost ඒකීයආකෘති Content Management System එකක් ලෙස හැදින්විය හැකිය.

නමුත් පැරණි හා නව යන බේදය අතහැර WordPress හා Ghost දැඩි තරගකාරීබවක් අන්තර්ජාලය තුල ඇතිකර ඇත.අවශ්‍යතාවය අනුව යමෙකුට එයින් එකක් තොරාගත හැක.

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.