Huawei සමාගම ඇතුලු තවත් ඩිජිටල් යටිතල පහසුකම් සපයන චීන සමාගම් රැසක් වාරණය කිරීමෙන් පසු නැවතත් ට්රම්ප් පරිපාලනය මීළගට චීනයේ විශාලතම ස්මාර්ට් දුරකතන නිශ්පාදකයෙකු වන Xiaomi වෙත පහරදීමට සූදානමින් සිටියි.
ලොව තුන්වනුවට විශාලතම Smartphone නිශ්පාදකයා වන Xiaomi ද ඇතුලුව තවත් චීන සමාගම් 8 ක් චීන හමුදාව සමග සම්බන්දතා පවත්වන ආයතන ලෙස එක්සත් ජනපදය විසින් අසාදුලේඛනයට (blacklists) ඇතුලත් කර ඇත. මෙම තීරණයෙන් පසු එක්සත් ජනපද ආයෝජකයින්ට Xiaomi ආයතනයේ කිසිදු ආයෝජනයක් සිදුකල නොහැකි වනු ඇත.

Xiaomi විසින් චීන හමුදා සමග සම්බන්දතා පැවැත්වූ බවට කිසිදු සාක්ෂියක් මේ වන විටත් ඇමරිකාව විසින් සහතිකකල නොමැත.මේ වන විටත් Huawei , DJI , SMIC ඇතුලු අර්ධ සන්නායක කර්මාන්ත 60 අධික ප්රමාණයක් එක්සත් ජනපදය විසින් blacklist කිරීම සිදුකර ඇත.
Huawei හෝ DJI සමාගම් මෙන් නොව තවමත් Xiaomi සමාගමට එක්සත් ජනපදයට උපාංග ආනයනය කිරීම සිදුකිිිිිිිරීමේ හැකියාව පවතී.ඇතැම් විට ජනවාරි 20 සිදුවන නව ජනාධිපතිවරයාගේ බලය ලබාගැනීමත් සමග ඇතැම් විට මෙම තීරණ වෙනස්වීමට හෝ ලිහිල්වීමට හැකියාව පවතී. මෙම හදිසි අසාදුගත කිරීමට Xiaomi තවමත් කිසිදු ප්රතිචාරයක් දක්වා නොමැත.

Via - Gizmochaina , Bebom