Xiaomi, Pop Up කැමරාවක් සහිත foldable ස්මාර්ට් දුරකතනයක් සදහා පේටන්ට් බලපත්‍ර ලබාගනී

News Nov 24, 2020

2019 න් පසු,‌‌බොහෝ නම්‍යශීලි ස්මාර්ට් දුරකතන විවිධාකාර ලෙස වෙළදපොලට පැමිණි අතර බොහෝ නිශ්පාදකයින් ඒවා සදහා පේටන්ට් ලබාගෙන ඇත.Xiaomi ඔවුන්ගෙන් එක් අයෙකි.එමෙන්ම ඔවුන් මෙම නිශ්පාදනය ගැන තොරතුරු හෙලිකිරීමට අකමැත්තකින් සිටියි.කෙසේවෙතත් සමාගම මෑතකදී නම්‍යශීලි ස්මාර්ට් දුරකතන සදහා පේටන්ට් බලපතක් ලබාගන ඇත.

චීන ස්මාර්ට් දුරකතන දැවැන්තයා විසින් 2020 සැප්තැම්බර් මාසයේදී  Hague International Design System සමග පේටන්ට් ඉල්ලුම් කර තිබුනි. ඔවුන් මුලින්ම Samsung Galaxy Fold වලට සමාන උපාංගයකට වන අතර පසුව නව පේටන්ට් බලපත්‍රයේ එම නිරිමාණයටම pop-up කැමරාවක් ඇතුලත් කර ඇති බව letsgo digital සගරාව සදහන් කරයි.

දිගහැරෙන විට උපාංගය ටැබ්ලට් පරිගණකයක් ලෙස දිස්වන අතර තිරස් අතට හරිමැදින් නැවිය හැකිය.pop - up කැමරාව උපාංගයේ දකුණු පස ඉහල පිහිටා ඇත.මෙහි තිර දෙකම සෙල්ෆි සදහා භාවිතා කල හැකිය.

නමුත් මෙම උපාංගය ගැන කිසිදු තොරතුරක් තවමත් සමාගම හෙලිකර නොමැත.ඇතැම් විට මෙම නිර්මාණය පේටන්ට් බලපත්‍රයක් පමණක් බැවින් ඔවුන් මෙය නිර්මාණය කරාවිදැයි යන්න අනුමාණ කල නොහැක.නමුත් MWC 2021 Event හීදි Xiami වෙතින් පලමු වරට මෙම නිරිමාණය පිළීබදව තොරතුරු හෙලිකරනු ඇති බව මාධ්‍ය සදහහන් කරයි.

Via - Gizmochaina , Letsgodigital

Tags

Madusanka Ranathunga

I will write fresh about technology. Stay connected with me

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.