IOS 14 හි නව අංගයන්ගෙන් එකක් වන picture-in-picture පහසුකම අයිෆෝන් එකක් මත වෙනත් ඇප් සමග වැඩ කරන විට කුඩා කවුලුවක වීඩියෝ නැරඹීමේ පහසුකම ලබා දී ඇත. නමුත් මේ වන විට youtube Premium නොවන පරිශීලකයන් හට එම පහසුකම ඉවත් කර දැමීමට එම සමාගම කටයුතු කර ඇති බව මාධ්‍ය වාර්ථා කරයි.
picture-in-picture සක්‍රීය කෙරුනු විට වීඩියෝව ධාවනය වීම අවහිර වන අතර මුදල් ගෙවන ලද පරිශීලකයින් හට පමණක් වීඩියෝව නැරඹීමෙ හැකියාව පවතී.
iOS 14’s picture-in-picture mode doesn’t work with YouTube in Safari. 🤔 pic.twitter.com/JwGLAmwhwb
— Jay Peters 🧇 (@jaypeters) September 18, 2020
නමුත් වීඩියෝවක් වෙබ් අඩවියක කාවද්දා (embedded) කර ඇත්නම් එම වීඩියෝම සුපුරුදු පරිදි picture-in-picture සදහා Safari මත එය සහය දක්වන අතර මෙය iOS 14 beta සමග සාර්ථකව ක්‍රියාත්මකව ඇත.මෙය දෝශයක්ද නැතිනම් වානිජ අරමුණකින් සිදු කරන ලද්දක්ද යන කාරණය පිළිබදව යූටියුබ් ආයතනය ප්‍රකාශයක් මේ දක්වා සිදු කර නොමැත.එමෙන්ම ipad මත එය ගැටලුවකින් තොරව ක්‍රියාත්මක වේ.