Covid තත්වයත් සමග විශාල ලෙස වර්ධනයට දුරස්ථ වැඩකිරීමේ සංකල්පයත් සමග Zoom විශාල වර්ධනයකට ලක්වී ඇත. නමුත් දැන් සමාගම වීඩියෝ කොන්ෆරන්ස් වලින් ඔබ්බට නිෂ්පාදන ගවේෂණය කරමින් Email සහ Calendar සේවාවන් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

සමාගම දැනටමත් Email සේවාවේ වැඩ කරමින් සිටින අතර වාර්ථාවන ආකාරයට එය Web Email සේවාවකි.දින දර්ශණ යෙදුම තවම සංවර්ධනය කිරීම ආරම්භකර ඇති බව පැහැදිලි නැත. COVID-19 එන්නත බෙදාහැරීම ආරම්භකර ඇති නිසා ඉදිරියේදී කාර්යාල සහ පාසල් ආදියෙහි සුපුරුදු මෙහෙයුම් සිදුවන විට වීඩියෝ සම්මන්ත්රණ වල භාවිතය අඩුවීම නිසා සමාගමේ ආදායම් බිදවැටීම නැවැත්වීමට මෙම සේවාවන් දෙක දියත්කිරීමට ඔවුන් අදහස් කරගෙන සිටියි.
Zoom තම ප්රධාන තරගකරුවන් වන Google සහ Microsoft මෙම සියලු සේවාවන් මූලික කරගනිමින් දුරස්ථ වැඩකිරීමේ වේදිකාවන් ගොඩනගා ඇත.එමනිසාවෙන් zoom තනි සේවාවන්ගෙන් ඔබ්බට ගොස් සේවාවන් පරාසය වැඩි කිරීම නිසා Google සහ Microsoft හට වඩාහොද තරගකරුවෙකු මෙන්ම ආදේශකයක්ද වනු ඇත.

Via - Thevarge